සුළි කුණාටුවකට හසුවීමෙන් ඉන්දියාවේ මුම්බායි වෙරළ තීරයේදී විශාල පාරුවක් අනතුරකට ලක්වී තිබේ.
ඉන්දීය නාවික හමුදාව පැවසුවේ එහි සිටි පුද්ගලයින් 90 දෙනෙක් අතුරුදන්ව ඇති බවය.
මේ දිනවල ඉන්දියාවේ ප්‍රදේශ රැසකට ටවුටේ සුළි කුණාටුවෙන් බලපෑම් ඇතිව තිබේ.
ඉන්දීය නාවික හමුදාව පැවසුවේ මුහුදේ ගිලී ගිය විශාල පාරුවේ පුද්ගලයින් 270ක් පමණ ගමන් කරමින් සිට ඇති බවත් එයින් 170 දෙනෙක් පමණ බේරාගෙන ඇති බවත්ය.
අනෙක් පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.