BusinessColombo Today Local News

කාබනික වගාව වසර 5ක් කරනවා. කුඹුරු අක්කරයක් වවන්න යන්නේ රු. 14400 යි. | ක්ෂේත්‍ර නිළධාරීණී කේ.සී.එම්.අනූෂා සංජීවනී

කාබනික පොහොර සහ කාබනික වල් නාශක, කාබනික දියර පොහොර යොදා වගා කිරීමේදී කුඹුරු අක්කරයක් සදහා යන සම්පුර්ණ වියදම රුපියල් 14400යි. වසර පහක අත්දැකිම් සමග තමයි මේ කියන්නේ යැයි කාබනික වගා ව වසර පහක්ම සිදුකරනු ලබන ක්ෂේත්‍ර නිළධාරීණී කේ.සී.එම්. අනූෂා සංජීවනී මහත්මිය පැවසුවාය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රසායනික තෙල් පොහොර රටින් ගෙන්වීම නතර කරන විට රට පුරාම කාබනික පොහොර කාබනික වල් නාශක නිශ්පාදනය කළ යුතුයි. පිටරටින් තෙල් පොහොර ගෙන්වීම නතර කිරීමට ගත් තීරණය මෙතෙක් ඉතිහාසයේ කිසිම රාජ්‍ය නායකයකු ගෙන නැති තීරණයක්.මෙය යුගයේ අවශ්‍යතාවයයි. ලංකාවේ ඕනැම ප්‍ර දේශයක ඇති සම්පත් ප්‍ර යෝජනයට ගෙන කාබනික පොහොර මෙන්ම කාබනික වල් නාශක සහ කාබනික දියර පොහොර නිශ්පාදනය කළ හැකි බව අපට වගේම බොහෝ දක්ෂ රටට ආදරය කරන ජනතාවට ද කළ හැක. පසු ගිය වසර තුල පදවිය සුදර්ශන ගම්මානයේ අප කාබනික පොහොර සහ කාබනික දිලීර නාශක යොදා හොද අස්වැන්නක් ලබා ගත් බව කව්රුත් දන්නා දෙයකි. ඒ වාගේම මෙවන් දක්ෂතා ඇති අනුරාධපුර රාජාංගනයේ හතර හමාර කණුව පදිංචි අනුරාධා කාබනික පොහොර නිශ්පාදනය කරනු ලබන ක්ෂේත්‍ර නිළධාරිණියක ලෙස සේවය කරන අනුෂා සංජීවනී මහත්මිය හමුවීමට අප ගිය අවස්ථාවේ එතුමිය කාබනික පොහොර යොදා වී වගාව, කෙසෙල් වගාව සහ එලවළු වගාව සිදු කර ඇති අයුරු දක්නට ලැබුණි.

ඇය සතුව කාබනික වල් නාශක , කාබනික දියර පොහොර ,කාබනික පොහොර වගේම අස්වැන්න වැඩි වීමට යොදන කාබනික දියර පොහොර නිශ්පාදනය කර ඇති බව අපට දක්නට ලැබුණි.

අනූෂා සංජීවනි මහත්මිය අප සමග මෙසේ පැවසුවාය.

මම වසර පහක පමණ කාලයක සිට කාබනික වගාව සිදු කරනවා. අප දේශීය වී වර්ග වගා කරනවා. අප කාබනික පොහොර, වගේම කාබනික වල් නාශක හදනවා. ජනාධිපති තුමා මේ වේලාවේ ගත් තීන්දුව හරියටම හරි.තව වසර තුන හතරක් ගිය විට එතුමාට ලංකාවේ සියළු දෙනාම පින්දේවි. වස විෂ නැති ආහාර වේලකට අප දැන් වත් යායුතුමයි.ජනාධිපතිතුමා මේ තීරණය ගෙන ඇත්තේ අනාගත පරපුර නීරෝගි කිරීම සදහා බව අපට පැහැදිලියි.
කාබනික වී වගාවේදී ගොවීන්ට පැණ නගින ප්‍රශ්ණය තමයි රසායනික වල් නාශක වෙනුවට මොනවද පාවිච්චි කරන්නේ කියා.නමුත් කියන්න හරිම සතුටුයි අප කාබනික වල් නාශක හදලා අප ප්‍ර දේශයේ ගොවි ජනතාව සමග ඉන් ප්‍රයෝජන ගන්නවා.

ඒ වාගේ ම ගොවි ජනතාව හුරු වෙලා ඉන්නේ යම් තම් හරි කෘමි හානියක් ආවොත් රසායනික තෙල් ගහන්න ඕන කියා. ඇත්තටම කියන්න සතුටුයි අප දැන් කාබනික කෘමි නාශක නිශ්පාදනය කරනවා.

කාබනික පොහොර සහ රසායනික පොහොර කියා අස්වැන්නේ වෙනසක් නැහැ.කාබනික පොහොර ,කාබනික වල් නාශක ,කාබනික දියර පොහොර යොදා වී වගා කලොත් වියදම් වන්නේ රුපියල් 14400 ක් පමණයි. මාගේ දුරකථන අංකයට කථා කලොත් ඕනෑම අවස්ථාවක මේ කාබනික පොහොර, කාබනික වල් නාශක, කාබනික කාමි නාශක හදන හැටි කියන්න පුළුවන්. කාබනික පොහොර ,කාබනික වල් නාශක මගෙන් මිළදී ගන්නත් පුළුවන්.මාගේ දුරකථන අංකය 0767245875
මට ලොකු අවශ්‍යතාවයක් තිබෙනවා අතිගරු ජනාධිපතිතුමා හමුවී මෙම කාබනික පොහොර පිළිබදව කථාබහ කිරීමට.නමුත් ඒ සදහා නිළධාරීන් අවස්ථාවක් ලබා දෙයිද?අපට පුළුවන් රටට අවශ්‍ය කාබනික වල් නාශක, කාබනික පොහොර, කාබනික දියර පොහොර ටික ලබා දෙන්න. අපටත් ඉතිං සුළු සුළු ප්‍රශ්ණ (මුල්‍යමය දායකත්වය) තිබෙනවා.

මම රට පුරාම ගොවි ජනතාවට බය නැතුවම කියනවා කුඹුරු අක්කරයක වී වගාව සදහා වියදම් වන්නේ රුපියල් 14400 ක් පමණයි. ඔබට අවශ්‍ය දේශීය වී ඕන නම් අප දේශීය වී නෙමිළයේ දෙනවා. හැබැයි ඔබ අස්වැන්න ලබා ගත්තාම මගෙන් වී බුසලක් ගත්තාම නැවත මට වී බුසල් දෙකක් දෙන්න ඕන.අපි බය නැතුව කාබනික ගෙවිතැනට යමු . ජනාධිපතිතුමා මේ ගත් තීරණය නම් මොනම අයුරකින්වත් වෙනස් නොකරන බව අපට දැඩි විශ්වාසයි.
කුඹුරු අක්කරයකට කාබනික මඩ පොහොර සදහා රුපියල් 1500යි, කාබනික වල් නාශක සදහා රුපියල් 5100යි,කාබනික ඝණ පොහොර සදහා රුපියල් 7800යි මේ අයුරින් තමයි වියදම යන්නේ.

එදා අපි වස විෂ නැතිව ආහාර ගත්තා ,අද වස විෂ ඇතිව ආහාර ගන්නවා. හෙට අපි වස විෂ නැතිව ආහාර ගමු.

මගේ වැඩ වලට මට ගොඩාක්ම උදව් කරන්නේ මගේ මහත්මයා. මට දරු දෙදෙනෙක් සිටිනවා. මම ඒ අයට වස විෂ නැති ආහාර වේලක් බය නැතිව ලබා දෙනවා. වස විෂ නැතිව ආහාර වේලක් ඔබට මහා සංඝ රත්නය උදෙසා දානය දෙන්න ,ගෙදරට එන අයට සහ දරුවන්ට ලබා දෙන්න පුළුවන් නම් ඒ තමයි ලොකුම පින.ඒ වාගේම ජනාධිපතිතුමාගේ මේ වැඩ පිළිවෙලට උදව් කරමින් අප වෙත පැමිණ කාබනික විප්ලවය රටටම කියන්ත හදන ඔබ මාධ්‍ය වේදී සැමටම මම ප්‍රණාමය පුද කරනවා.

මම වැඩ කරන කාබනික වී වගාව , පළතුරු වගාව, කෙසෙල් වගාව ,එළවළු වගාව බලන්න ඕනෑම අවස්ථාවක එන්න.

මැදවච්චය – සජිත් ගයාන් උබේපාල

Related posts

සෑම නිවසකටම කහ පැළ බඳුන් 5ක් ලබා දීමේ ජාතික වැඩපිළිවෙළක්

colombotoday

’’වැරදිකරු වුනොත් ඉල්ලා අස්වෙනවා’’ – රංජිත් බණ්ඩාර‍ කියයි

Admin

පිටත රසායනාගාරවල පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා වැරදියි – රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ සංගමය

colombotoday

කිරි, බිත්තර සහ කුකුල්මස් නිෂ්පාදනය බරපතල ලෙස පහතට

colombotoday

පාර්ලිමේන්තුව හෙට කැදවනවා…

colombotoday

විරෝධතාවයේ නියුතු රාජාංගනය ගොවි සංවිධානයේ සභාපති අත් අඩංගුවට

colombotoday