World

ලන්ඩනයේ මුස්ලිම් පල්ලියකට ගල් හා බිත්තර ප්‍රහාරයක්

එක්සත් රාජධානියේ ලන්ඩනයේ මුස්ලිම් පල්ලියකට පැමිණි මුස්ලිම් ජාතිකයන්ට බිත්තර හා ගල් ප්‍රහාර එල්ල වී තිබෙනවා.

ඉල්ෆර්ඩ් ඉස්ලාමීය මධ්‍යස්ථානයෙන් පිටතදී ඇතිවූ මෙම සිද්ධිය පිළිබඳව පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මුස්ලිම් පල්ලියේ කාර්ය මණ්ඩලය සඳහන් කර ඇත්තේ සුදු ජාතිකයෙකු විසින් මෝටර් රථයකින් භාණ්ඩ විසි කළ බවත්, අවම වශයෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකු වාහනයේ සිටි බවත්ය.

මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක සහ ලේකම් අහමඩ් නවාස් කියා සිටියේ මෙම සිදුවීම ලැජ්ජාවක් නමුත් තම ප්‍රජාව ශක්තිමත්ව සිටින බවත්ය.

පසුගිය අඟහරුවාදා රාත්‍රී 11 ට පමණ ඉල්ෆෝර්ඩ් ඇල්බට් පාරේ මුස්ලිම් පල්ලියේදී ඇතිවූ සිද්ධියක් පිළිබඳව වාර්තාවක් ලැබුණු බව පොලිසිය පවසයි.

කිසිවෙකුටත් බරපතල තුවාල සිදු වී නොමැති බවත්ය.

Related posts

මෙක්සිකෝවේ ඉහළ යන කොවිඩ් මරණ

colombotoday

ඇෆ්ගනිස්ථානයට බලපෑ ගංවතුරින් ජීවිත 160ක් අහිමියි

colombotoday

රුසියාවෙන් යුක්‍රේන ධාන්‍ය වරායකට ප්‍රහාර

Admin

ඉදිරි මාස හතරේදී කොරෝනා වසංගතයෙන් ඇමෙරිකාවේ 81,000 කට වැඩි පිරිසක් මිය යනු ඇතැයි වොෂින්ටන් විශ්වවිද්‍යාලය කියයි

colombotoday

කාබුල් ගුවන් තොටුපලට ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී මරාගෙන මැරෙන ප්‍රහාරයක්. – 60ක් මරුට. ඇමරිකානු හමුදා භටයින් 13ක් ඒ අතර

colombotoday

මෙටා අන්තවාදී සංවිධානයක් යැයි අධිකරණ නියෝගයක්. ෆේස්බුක් සහ ඉන්ස්ට්‍රග්‍රෑම් තහනම් වෙයි

colombotoday