Colombo Today Local News

නාවලපිටියේ ඇළ මාර්ගයක 15 හැවිරිදි සිසුවෙකුගේ මළ සිරුරක්. – සිසුවාගේ මරණය වැඩිදුර විමර්ශණයට

නාවලපිටිය ප්‍රදේශයේ කුඩා ඇළ මාර්ගයකට වැටී 15 හැවිරිදි සිසුවෙකුගේ මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ නාවලපිටිය කිරිමැටියාව ප්‍රදේශයේ පදිංචි හරංගල ජාතික පාසලේ 10 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවෙකි.

මියගිය සිසුවා තම නිවසට පානිය ජලය ලබා ගන්නා ජල නල අළුත්වැඩියා කිරිම සදහා අද (09) දින උදැසන 7 ට පමණ නිවසින් කිලෝමිටර් ½ පමණ දුරකින් යුක්ත ඇළ මාර්යකට තනිව ගොස් ඇති අතර, පසුව එම සිසුවා නොපැමිණි නිසා එම සිසුවාගේ මව සහ සහෝදරයෙකු ඒ පිලිබදව සොයා බැලිමට ගිය අවස්තාවේ සිසුවා ඇළ මාර්ගයේ වැටි මියගොස්ව සිටි බවට මිය ගිය සිසුවාගේ මව විසින් නාවලපිටිය පොලිසියට දැනුම් දි ඇත.

ඇළ මාර්ගයේ සිසුවා වැටි සිටින අයුරු දුටු සිසුවාගේ මව ප්‍රදේශවාසින්ගේද සහයෝගය ඇතිව නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට සිසුවා රැගෙන යන විටත් මියගොස් සිටි බවයි නාවලපිටිය පොලිසිය කියා සිටියේ.

මරණය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

සිසුවාගේ පශ්චාත් මරණ පරික්ෂණය නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේදි සිදු කිරිමට නියමිතය.

Related posts

තැපෑලේ විසිඑක් දහසක් අද සිට දෙදිනක් වර්ජණයේ !

colombotoday

කොරෝනා වෛරසය ආසාදිතයින් 1045 ක් දක්වා ඉහලට

colombotoday

කුරාණය, හදීස්, ෂරියා නීතිය හැර මුස්ලිම් ජාතිකයන්ට වෙනත් නීතියක් නෑ. බහු විවහා කර ගන්නේ පිහිට වෙන්න. අසාත් සාලි තප්පුලයි

colombotoday

උතුරු – නැගෙනහිර අර්බුදය ගැන සාකච්ඡාවකට ජනපති TNA කැඳවයි

Admin

ඛනිජ තෙල් නිෂ්පාදන පනතට එරෙහි පෙත්සම්වල තීන්දුව කතානායකට

colombotoday

ඉන්දියාවේ සාංචි පුදබිමේ සියලු විස්තර නාම පුවරු සිංහල භාෂාවෙනුත්…

colombotoday