Colombo Today Local News

99 බද්දට හම්බන්තොට වරාය චීනෙට විකුණාදැමීමේ ගිවිසුම් සකස්කර අවසන්

හම්බන්තොට වරායේ කොටස් චීනයේ ‘මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග්ස්‘ ආයතනයට විකිණීමට සකස් කරන ලද ගිවිසුමේ කටයුතු මෙම සතියේදී සකස් කර නිවේදනය කරන බව මුදල් ඇමති රවී කරුණානායක මහතා පවසයි.

“හම්බන්තොට වරාය ගිවිසුම සම්බන්ධයෙන් අගමැතිවරයා හා කැබිනට් අනුකමිටුව අතර සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. එය අද හො හෙට ඉදිරිපත් කරනු ඇත“ යැයි ඇමතිවරයා පැවසීය.

එම හමුවේදී සාකච්ඡාවට ගැනෙන කරුණූ මොනවාද යන්න විමසූ විට අමාත්‍යවරයා පැවසූයේ විසඳාගැනීමට ප්‍රශ්න කිහිපයක් ඇති බවත් ඉන්පසු ගිවිසුමේ වැඩ කටයුතු අවසන් කරන බවත් ය.

වසර 99 ක කාලයක් සඳහා හම්බන්තොට වරායේ කොටස්වලින් 80%ක් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.12 ක මුදලකට මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගමට විකිණීමට රජය සැලසුම් කරයි. මෙම ගිවිසුම මෙම රජය බලයට පත්වූ දිනයට සමගාමීව ජනවාරි 8 වැනි දා අත්සන් කිරීමට රජය සැලසුම් කර තිබිණි.නමුත් එය කල් දැමීමට තීරණය කළේය.

Related posts

වන සංහාරයට, ජාතිවාදී ජනපදකරණයට එරෙහිව මුලතිව් වැසියෝ වීදි බසිති ! (Photo)

colombotoday

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 110ක තවමත් හිඟයි

colombotoday

24 හැවිරිදි තරුණයෙක් තට්ටු 08කින් වැටී මිය යයි

Admin

‘පැහැර ගැනීම සිදුවූ දවසේ මම හිටියේ රාජිතත් එක්ක’ – හිරුණිකා.. ‘මම එදා හිටියේ රට’ – රාජිත

colombotoday

කොලොන්නාවේදී පිරිසක් අහසට වෙඩි තබා විසුරුවයි

Admin

2020ට පසු වැඩිම සංචාරකයින් පෙබරවාරියේදී

Admin