Colombo Today Local News

රටේ ව්‍යවස්ථාටවත් යටත් නැති සිංගප්පූරු පුරවැසි දූෂණ චූදිත මහෙන්ද්‍රන් මහබැංකු අධිපතිකමට එපා !

arjun mahendran

ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන නිසාත් ශ්‍රී ලංකා රජයට පක්‌ෂව සහ ව්‍යවස්‌ථාව අනුව කටයුතු කරන බවට දිවුරා පොරොන්දු වී නැති නිසාත් ඔහුට එම තනතුර දැරීමට අයිතියක්‌ නැති බවට සහ සුදුස්‌සකු නොවන බවට තීන්දු කර ඒ අනුව ඔහුගේ තනතුර අහෝසි කරන රිට්‌ ආඥවක්‌ නිකුත් කරන්නැයි ඉල්ලා කැෙෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් මහතා ඊයේ 20 දා අභියාචනාධිකරණයට පෙත්සමක්‌ද ගොනු කළේය.

මහා භාණ්‌ඩාගාරයේ බැඳුම්කර නිකුත් කිරීමේදී විශාල වංචාවක්‌ සිදුකර ඇති බවට සහ ඔහුගේ පුතාට අයත් මූල්‍ය සමාගමට අයුතු වාසියක්‌ ලබාදෙමින් එමගින් රජයට රුපියල් කෝටි ගණනක පාඩුවක්‌ සිදුකර ඇති බවට අර්ජුන මහේන්ද්‍රන් මහතාට චෝදනා එල්ල වී ඇති බවත් ඔහුගේ හැසිරීම සහ කටයුතු ගැන සලකා බලන විට ඔහු කිසිසේත්ම රටේ යහපාලනයට හවුල් කර ගත යුතු පුද්ගලයකු නොවන බවත් පෙත්සමේ සඳහන් කර ඇත

අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ අධිපති තනතුරට පත්වූයේ 2015.02.27 දායි. ඒ වනවිට ඔහු සිංගප්පූරුවේ වැසියෙකි. ඔහු ශ්‍රී ලංකාවේ උපත ලබා ඇති නමුත් ඔහු ශ්‍රී ලංකාවේ පුරවැසිකම අතහැර සිංගප්පූරුවේ පුරවැසිකම ලබා ගෙන ඇත. එමෙන්ම සිංගප්පූරුවේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 126 (1) වගන්තියට අනුව එරට රජයට ව්‍යවස්‌ථාවට පක්‌ෂපාතීව කටයුතු කරන බවටද දිවුරා පොරොන්දු වී ඇත. එහෙත් ඔහු මේ වන තෙක්‌ම ශ්‍රී ලංකා රජයට පක්‌ෂපාතිව කටයුතු කරන බවට කළ යුතු දිවුරුම සිදු කර නැති බව පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related posts

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් පුද්ගලික අංශයට පවරන්නේ නෑ- නාමල්

colombotoday

පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ තනතුර නිහාල් තල්දූවට

colombotoday

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා පුදබිමේදී

colombotoday

2018 වසරේ සිට ඇස්බැස්ටස් ආශ්‍රිත සියලු නිෂ්පාදන තහනම්

colombotoday

මංතීරු නීතියට අද සිට ප්‍රමුඛතාවක්.

colombotoday

රට තුල යලිත් කොරෝනා පැතිරීමේ ඉහල අවදානමක් – වෛද්‍ය සුදත් සමරවීර

colombotoday