හිටපු ඇමරිකානු බොක්සිං ශූරයා වූ මොහමඩ් අලීගේ පුත්‍රයා ප්ලෝරිඩා ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගත් ආගමන නිලධාරීන් ඔහුගේ පරම්පරාව හා ආගම ගැන ප්‍රශ්න කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ජැමෙයිකාවේ සිට ඇමරිකාවට පැමිණි අවස්ථාවේ මෙලෙස ආගමන බලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලට ලක් වී තිබේ. මෙහිදී ආගමන විගමන නිලධාරීන් “ඔබ මුස්ලිම්ද?” යනුවෙන් ප්‍රශ්න කර ඇති බව ඔහුගේ නිතිඥ්ඥයන් පවසයි.
කැම්චෝ අලි නමින් හඳුන්වන මොහමඩ් අලිගේ පුත්‍රයා පැය දෙකකට අධික කාලයක් අත්අඩංගුවේ පසු වී ඇති බවත් වාර්තා වේ.