Colombo Today Local News

යල් පැන ඇති පොදු ආකෘති සමාලෝචනයට කමිටුවක්

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රණය කරනු ලබන “පොදු ආකෘති” සමාලෝචනය සඳහා කමිටුවක් පත් කර තිබේ.

ඒ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින්.

විවිධ රාජ්‍ය ආයතන විසින් රජයේ සේවාවන් සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් පොදු ආකෘති 98ක් දැනට භාවිත කරන බව නීරීක්ෂණය වී ඇති බවයි පැවසෙන්නේ.

ඉන් ඇතැම් ඒවා යල් පැන ගොස් ඇති අතර වර්තමානයට ගැළපෙන අයුරින් සංශෝධනය කිරීම මෙහි අපේක්ෂාවයි.

ඒ අනුව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් රජයේ ප්‍රයෝජනය සඳහා දැනට මුද්‍රණය කරනු ලබන සියලුම ආකෘති පත්‍ර සමාලෝචනය මෙම කමිටුව මගින් සිදු කෙරෙයි.

එම කමිටුවේ කාර්යභාරය පහත පරිදි වේ.

1- රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් දැනට මුද්‍රණය කර ඇති සියලුම සාමාන්‍ය පෝරම සමාලෝචනය කිරීම

2- භාවිතය අවම පොදු ආකෘති සහ අනවශ්‍ය ක්ෂේත්‍ර හඳුනා ගැනීම

3- A4 ප්‍රමාණයේ කඩදාසිවල මුද්‍රණය කළ හැකි, දැනට එම ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයේ කඩදාසිවල මුද්‍රණය කරනු ලබන පොදු ආකෘති පත්‍ර හඳුනා ගැනීම

4- මුද්‍රණය කිරීම අවශ්‍ය නොවන නමුත් බාගත කර ගැනීමේ පහසුකම ද සමඟ අදාළ වෙබ් අඩවිවල පළ කළ යුතු පොදු ආකෘති පත්‍ර හඳුනා ගැනීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීම

5- යල් පැන ගිය පොදු ආකෘති, යෝජිත ආකෘතිය (අන්තර්ගතය සහ ප්‍රමාණය) සහිත සංශෝධිත ආකෘති සහ අදාළ ආයතනයන්හි වෙබ් අඩවිවල පළ කළ යුතු ආකෘති පත්‍ර සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම.

තවද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට හැකි වන පරිදි කමිටු නිර්දේශ 2022 නොවැම්බර් 15වන දින හෝ ඊට පෙර ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත ඉදිරිපත් කරන ලෙස උපදෙස් දී ඇති බවද සඳහන් වේ.

Related posts

විදුලි සැපයීම මහා අවුලක. බලාගාර 4 ක විදුලි උත්පාදනය නවතී! – දිනකට පැය කිහිපයක් විදුලිය කපා දැමීමේ සුදානමක්.

colombotoday

නිල නොවන ප්‍රතිඵල හුවමාරු කිරීමෙන් වළකින්න

colombotoday

ඡන්ද දිනය තීරණයට මැතිවරණ කොමිසම අද රැස් වෙති. ඡන්ද පති‍්‍රකා මුද්‍රණයත් ඇරැඹෙයි.

colombotoday

වෙන මොකුත් එපා. අපේ රටයි ජාතියයි බේරලා දෙන්න. මාතර ‌දෙණිපිටියේ මව්වරු ගෝඨාගෙන් ඉල්ලයි

colombotoday

ඒකල රියඅනතුරකින් තිදෙනෙකු මරු දකී

colombotoday

අයවැයට සහය දුන් අයට ජනපති ගෞරවයෙන් තුති පුදයි

colombotoday