Colombo Today Local News

ඇමති කරට අත දාලා අපිව රැවැට්ටුවා

මහ කන්නයේ වී අස්වනු මිලට ගැනීම පෞද්ගලික වෙළදුන් විසින් ආරම්භ කර ඇති බවත් නමුත් රජය මේ වන තෙක් වී සඳහා සහතික මිලක් ප්‍රකාශයට පත් කර නැති බවත් ජාතික ගොවිජන එකමුතුව පෙන්වා දෙයි.

එහි සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසන්නේ අද වන විට වී ගොවීන්ගේ වියදම් ආදායම් සැලකිල්ලට ගැනීමේදී වී කිලෝ එකක නිෂ්පාදනය වියදම රුපියල් 116 ක් පමණ වන බවයි.

ඊට 25%ක නිෂ්පාදන ලාභයක් සමඟ සමස්ත නී කිලෝවකට රුපියල් 29 ලාභයක් අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කළේය.

“අම්පාර, අක්කරෙයිපත්තුව ඇතුළු සෑම ප්‍රදේශයකම වී අස්වනු නෙළීම ආරම්භ වෙලා. නමුත් වී වලට සහතික මිලක් තවම ප්‍රකාශයට පත් කර නැහැ.

ඇමැතිවරයා අපිට සාකච්ඡාවකට එන්න කියලා බොරුවට කරට අත දාගෙන රැවැට්ටුවා.

ඉක්මනින් සහතික මිල ප්‍රකාශයට පත් නොකළ හොත් වෙළෙන්දෝ කුණු කොල්ලයට වී ටික මිලදී ගනීවීව්”

Related posts

කුමාර් ගුණරත්නම්ට වසරක සිර දඬුවම්

colombotoday

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු සේවා අද සිට ඩිජිටල් ක්‍රමවේදයට

Admin

විදේස් ගත වන ශ්‍රමිකයින්ට වෘත්තීය පුහුණු අධිකාරියෙන් පුහුණුවක්

Admin

විශ්වාසභංගය මොකක් වුණත් 2020 දක්වාම අගමැති රනිල්මයි – පී හැරිසන්

colombotoday

2030 වනවිට ඉන්දු – ශ්‍රී ලංකා විදුලිබල ජාල ඒකබද්ධ කිරීමට තීරණයක්

Admin

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ හෙට දිවයිනට

colombotoday