ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගොඩනැගී ඇති සබදතා පිළිබදව අන්තවාදීන් නොයෙකුත් වැරදි විග්රහයන් සිදු කරන බවත්, එනමුත් වත්මන් රජය යටතේ දෙරටම ඉතා අවබෝධයෙන් කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඉන්දීය ආධාර මත සංවර්ධනය කරන ලද යාපනය ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ක්‍රිඩාංගණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (18)එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
එම විවෘත කිරීමේ අවස්ථාවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාද චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සජීවීව සම්බන්ද විය.
එහිදී අදහස් දැක්වූ ඉන්දීය අගමැතිවරයා සදහන් කළේ ඉන්දීය රජය සැමවිටම ශ්‍රී ලංකාව සමග සහෝදරත්වයෙන් අත්වැල් බැඳගෙන සිටින බවයි.