Colombo Today Local News

එක්නැලිගොඩ මැරූ බවට පිළිගන්නැයි අත්අඩංගුවේ සිටින බුද්ධි නිලධාරීන්ට දැඩි බලපෑම් – ගම්මන්පිල

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ චරිතය ඝාතනය කරමින් සිටින බවත් ආණ්ඩුව බියවී මේ වන විට ප්‍රගීත් එක්නැලිගොඩගේ සැබෑ ඝාතකයා සැඟවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව උදය ගම්මන්පිල මහතා පවසයි.

එසේ සැබෑ ඝාතකයා සැඟවීමට ආණ්ඩුව උත්සහ ගනු ලබන්නේ ඔහු ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් විය හැකි නිසා බව ඔහු පවසයි.

මේවන විට අත්අඩංගුවේ පසුවන බුද්ධි අංශ නිලධාරීන්ට සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා විසින් ප්‍රකාශ ලබාදී අත්සන් ගැනීම සඳහා බලකර ඇති බවත් එසේ සිදු කිරීමෙන් එවැන්නක් ගැන සැක පළවන බව හෙතෙම පවසයි.

ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රඳවා තබාගෙන ඇති එක් එක් බුද්ධි අංශ නිලධාරීන්ට අදාළව ප්‍රකාශ දැනටමත් සකස් කර ඇති බවත්, ඔවුන් විසින් ඒවාට අත්සන් කර නිදහස ලබා ගැනීම හැකි වන පරිදි ආණ්ඩුව මේ වන විට කටයුතු කර ඇති බව ඔහු පවසයි.

මේ වන විට ඔවුන්ට තමන් වෙනුවෙන් සකස් කළ ප්‍රකාශයට අත්සන් තබා නිදහස් වන ලෙස බලපෑම් කරන බවත්, ඇතැම් නිලධාරීන්ට මත්පැන් පොවා ඊට අත්සන් කරන ලෙස පොළඹවා ඇති බවත්, තවත් විටෙක එම නිලධාරීන්ගේ බිරින්දෑවරුන් බලපෑම් කොට ඔවුන් මගින් ස්වාමිපුරුෂයින්ට අත්සන් කරන ලෙස බලකිරීම් කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

මීළග ඡන්දයට පෙර මහින්දගේ අළුත් පක්ෂය ස්ථීරයි

colombotoday

සහරාන්ගේ මස්සිනා අත්අඩංගුවට

Admin

අන්තර් කාලීන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරය අනුරට

colombotoday

ජනපති සිරිසේනටනම් පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට එන්න දෙන්නෙම නෑ…

colombotoday

මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ නව සභාපතිවරයා වැඩ භාර ගනී

colombotoday

පොලිස් අත්අඩංගුවට පත් කාන්තාවක් රෝහල්ගත කළ පසු මියයයි

colombotoday