අරලියගහ මන්දිරයට ඉකුත් දා බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට හානි කළ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
මොවුන් වටරැක සහ පාදුක්ක යන ප්රදේශවල පදිංචි වයස අවුරුදු 38 – 44 අතර වයසේ පසුවන්නන් බව ද පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.