Colombo Today Local News

ණය බර දරාගත නොහැකි රටවල් අතර ශ්‍රී ලංකාවත්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් බොහොමයක ණය තත්ත්වය යහපත් තත්ත්වයක නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පවසයි.

ඇය මේ බව පවසා ඇත්තේ, නෙදර්ලන්තයේ පැවැත්වෙන අප්‍රිකානු සමුළුව අමතමිනි.

කෝරෝනා වසංගතයෙන් බැට කෑ ජනතාව මේ වනවිට උද්ධමනයෙන් පීඩා විඳිමින් සිටින බවත් මෙම අවස්ථාවේ සියලු මනුෂ්‍ය වර්ගයාට එකට එකතුවීම සඳහා ආරාධනා කිරීමට පසුබට නොවිය යුතු බව ද ජෝර්ජිවා මහත්මිය පවසා තිබේ.

මේ අවිනිශ්චිත ත්ත්තවය සෑම කෙනෙකුටම පීඩාවක් ඇති කර තිබෙනවා.කෝරෝනා වසංගතයෙන් බැට කෑ ජනතාව දැන් උද්ධමනයෙන් දුක් විඳිනවා.

ජෝර්ජිවා සමුළුව අමතමින් වැඩිදුරටත් පවසා ඇත්තේ, උද්ගතව ඇති මෙම තත්ත්වය එක් රටකට පමණක් උරුම වූ තත්ත්වයක් නොවන බව ත් ශ්‍රී ලංකාව ඇතුළු රටවල්වලට ණය බර දරාගත නොහැකි තත්ත්වයක් මතුවෙමින් පවතින බවත් ය.

දිළිඳු රටවල් 60%ක් ණය ගෙවා ගත නොහැකි අවදානම් තත්ත්වයේ පසුවන බැවින් ආර්ථික ක්‍රියාදාමය පිළිබඳව සාමාන්‍ය ආකාරයට සිතිය නොහැකි බව ත් බලවත් බැංකු පද්ධතියක හා ස්ථාවර ආර්ථිකයක අවශ්‍යතාව ද ඇය එහිදී පෙන්වා දී ඇත.

”බලවත් බැංකු පද්ධතියක් හා ස්ථාවර ආර්ථිකයක් අත්‍යාවශ්‍යි. පවතින ආර්ථික අවපාතයත් සමග බැංකු ඔරොත්තු දෙන මට්ටමේ පහසුකම් සැකසීම ගැන අවධානය යොමුකර තිබෙනවා.අපිට අවශ්‍ය වන්නේ ඔරොත්තු දෙන ආර්ථිකයක් විතරක් නෙමෙයි ඔරොත්තු දෙන සමාජයක්.ඔරොත්තු දෙන ජනතාවක් අවශ්‍යයි.සාධාරණත්වය හා රැකියා උත්පාදනය ගැන සිතිය යුතුයි.කොටින්ම අපිට අවශ්‍ය වන්නේ ඔරොත්තු දෙනලෝකයක්”

Related posts

ශ්‍රීලනිපයේ සහය කාටවත් දෙන්නෙ නෑ

colombotoday

2009 දී මා කී දේ ඇහුවානම් අද ආර්ථික අර්බුධයක් නෑ – අගමැති

colombotoday

සබරගමු මහ ඇමති මහීපාල හේරත් අනතුරකට ලක්වෙයි

colombotoday

කොවිෂීල්ඩ් එන්නතේ ‘පළමු මාත්‍රාව ලබාදීම’ තාවකාලිකව අත්හිටුවයි

colombotoday

ආර්ථිකයට දායකත්වයක් දක්වන සතුන් ගැන සංගණනයක් කරන්නැයි කෘෂිකර්ම ඇමතිගෙන් උපදෙස්

colombotoday

රුවන්වැල්ලේ ගංවතුරට කොටුවූ පිරිසක් මුදා ගනී

colombotoday