Colombo Today Local News

ජනපති සිරිසේන 2020දී යළි ජනපති සටනට !

f897a624c81ddaf5346c411eef7bf7fc_L

පසුගිය සදුදා රාත්‍රියේ කොළඹ 07 ස්ටැන්මෝ චන්ද්‍රවංකයේ, මහගම සේකර මාවතේ පිහිටි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ. ඒ 2020 දී නැවත වරක් ජනපතිවරණයට තරග කරන ලෙසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉදිරිපත් කළ හැකි හොඳම අපේක්ෂකයා සිරිසේන මහතා බව එහිදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාද පවසා ඇත.

කෙසේවුවද තමා මුලින් දැරූ ස්ථාවරයේ වෙනසක් නැතැයි පවසමින් ජනපතිවරයා ඊට පිළිතුරු සපයා ඇත.

එහිදී සිරිපාල ඇමතිවරයා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පළාත් පාලන මැතිවරණයට පෙර සම්මතකරගත යුතු බවට යෝජනාවක්ද ඉදිරිපත් කර තිබේ. එසේම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමත් ජනාධිපති ක්‍රමය සංශෝධනය කිරීමත් පිළිබඳව කඩිනම් තීන්දුවක් ගතයුතු බවද සිරිපාල මහතා එහිදී පවසා ඇත.

Related posts

19 අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය

colombotoday

බන්ධුල ගුණවර්ධනත් ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි !

colombotoday

අකුරණ ග්‍රාම නිළධාරි වසම් දෙකකට සංචරණ සීමා

colombotoday

2020 ජනාධිපතිවරණයේදී එජාපයට වෙන දේ තිස්ස කියයි

colombotoday

පොලිස්පති ධුරය ගැන තීරණාත්මක සාකච්ඡාව අද..

Admin

පර්පෙචුවල් ට්‍රෙසරීස් චෙක්පත් තොගයක් විනාශ කරලා… ඇලෝසියස්ගෙන් සල්ලි ගත්ත මැති ඇමතිලා බේරෙන ලකුණු…

colombotoday