Colombo Today Local News

ත්‍රස්ත මර්ධන පනත ජනවාරියේ අහෝසියි.. ඒ වෙනුවනට ඇමරිකන් මොඩලයේ පනතක් එයි

mrki33ලබන ජනවාරි මාසයේදී ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කිරීමට තීරණය වී ඇත. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නිර්දේශය මත මෙම පනත අහෝසි කෙරේ. එකී පනත වෙනුවට ඇමරිකාවේ ක්‍රියාත්මක කෙරෙන දේශප්‍රේමී පනත අනුව සකස්‌ වූ නව පනතක්‌ පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

මෙකී ත්‍රස්‌ත මර්දන පනත මෙතෙක්‌ අහෝසි කර නැතැයි ද්‍රවිඩ සංධානය ජිනීවා යෝජනාවට දායක වූ රටවලට සහ මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කර ඇතැයි ආරංචි මාර්ග දක්‌වයි.

කොටි ත්‍රස්‌තවාදය මර්දනය කිරීම සඳහා යොදාගත් මෙම පනත වෙනත් අපරාධ සිදු කළ පාර්ශවවලට එරෙහිව යොදා ගන්නා බවට ද මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි ඉදිරිපත් වී ඇත. මෙම පනත අහෝසි කිරීමත් සමඟ ත්‍රස්‌ත මර්දන පනත යටතේ රඳවාගෙන ඇති හිටපු කොටි ක්‍රියාකාරීන් ද නිදහස්‌ වනු ඇත.

– දිවයින

Related posts

දෙවියන් වහන්සේ වෙනුවෙන් බෝම්බ පුපුරවන්න යන්න එපා…මැල්කම් රංජිත් කාදිනල්තුමා නත්තල් මංගල පූජාව පවත්වමින් පවසයි

colombotoday

දෝෂාභියෝගයක් ගෙනැත් ජනපති වහාම ධුරයෙන් පහකළ යුතුයි – ජවිපෙ කියයි

colombotoday

අගමැතිට 68යි.. උපන්දිනය අද

colombotoday

නවතම ඉන්දියානු මෝටර් රථ පහක ආරක්ෂාව බිංදුවයි

colombotoday

මෝදිගේ ලංකා ගමන පිටුපස කලාපීය යුද්ධයක අනතුරක්?

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන්න ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදන නිකුත් කරයි

colombotoday