Colombo Today Local News

ළමා හා මාතෘ මන්දපෝෂණය ගැන අද පාර්ලිමේන්තු විවාදයක්

මෙරට ළමා සහ මාතෘ මන්දපෝෂණය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (06)දින ආරම්භ වේ.

විපක්ෂය අද (06) සහ හෙට (07) කල් තැබීමේ විවාදයක් ලෙස පැවැත්වෙන මෙම යෝජනාව ඉදිරිපත් කර නියමිතයි.

මේ අතර සමාජ ආරක්ෂණ දායකත්වය බදු පනත් කෙටුම්පත පාර්ලිමේන්තු අනුමැතිය සඳහා අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ග්ලයිෆොසේට් ආනයනයට අවසර ලබාදෙන ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි සහිත ගැසට් පත්‍රය ද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම ගැසට් පත්‍රය අනුව පළිබෝධනාශක රෙජිස්ටාර්වරයාගේ නිර්දේශයට යටත්ව ග්ලයිෆෝසේට් සඳහා ආනයන බලපත්‍ර නිකුත් කරනු ඇති.

ඒ සඳහා පසුගිය දා පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ කොන්දේසි සහිත අනුමැතිය හිමි විය.

Related posts

අගවිනිසුරු කේ. ශ්‍රී පවන් 28 දා විශ්‍රාම යයි

colombotoday

ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය අද ඇරඹෙයි

colombotoday

“වෘත්තීයවේදීන්ට සහ සංවිධානවලට රජයේ ප්‍රධානීන් කරන තර්ජන හා බියවැද්දීම්වලට අපි විරුද්ධයි” – හෙළ උරුමය

colombotoday

දුම්රියේ වෙන් කළ අසුන් සඳහා වන ගාස්තු 30 %කින් ඉහළට

colombotoday

ඥානසාර හිමි නිදොස් කොට නිදහස් – “කසාද බැඳලා හනිමුන් එක ගෝල්ෆේස් ගන්න එපා” රජයට කියයි

colombotoday

දරුවන්ට පොලිතින් කැවූ විදුහල්පතිට මාරුවක්

Admin