Colombo Today Local News

ප්‍රධාන රෝහල් රැසක කණිෂ්ඨ සේවකයින් පැය 4ක් වර්ජනයක

ප්‍රධාන රෝහල් රැසක කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අද(09) උදෑසන රාජකාරි වලින් ඉවත් විය.

ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පුජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් සඳහන් කළේ, අද පෙරවරු 8.00 ආරම්භ වූ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දහවල් 12.00 දක්වා ක්‍රියාත්මක වූ බවය.

රිජ්වේ ආර්යා ළමා රෝහල, කාසල් වීදියේ කාන්තා රෝහල , මහරගම අපේක්ෂා රෝහල සහ මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් රෝහල්වල මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොවීය.

අනියම් ආදේශන සේවකයින් ස්ථිර කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට හේතු වී ඇත.

රාගම ශික්ෂණ රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ද වැඩ වර්ජනයේ නිරත විය.

මෙය සංවිධානය කළේ, ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය විසිනි.

ස්ථාන මාරු ලබා නොදීම, සේවකයින් ස්ථිර නොකිරීම, ප්‍රවාහන ගාස්තු ලබා නොදීම, ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක විණි.

කෑගල්ල මහ රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ද වැඩ වර්ජනයේ නිරත විය.

කළුතර, නාගොඩ මහ රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ද වැඩ වර්ජනයට එක් විය.

Related posts

“බැදුම්කර පත්තරේ“ අච්චු ගැසීම නවතා දමයි.. සේවකයන්ට පඩිත් නෑ…

colombotoday

“විල්පත්තුව පවතින්නේ ඔබ ජනාධිපතිකම් කරන රටේ නොවෙයිද?“ – ජනපතිට ලිපියක්

colombotoday

කැබිනට් සංශෝධනය ඉරිදා.. දිවුරුම් දෙන්න එන්නැයි ඇමතිලාට දන්වයි

colombotoday

ආර්ථිකය මෙහෙයවීම ජනපති අතට ගනී.. නව ආර්ථික වැඩපිළිවෙල ලබන සතියේ එළිදකී

colombotoday

කොල්ල කෑ තීරෝද රථයකින් රන් මාල කොල්ල කෑ කල්ලියක් පොලිස් දැලේ

Admin

ගිනි අවියක් සමග සැකකරුවන් 06ක් අත්අඩංගුවට

colombotoday