Colombo Today Local News

පාසල් සිසුවකු කාණුවක හිර වෙයි

කුරුණෑගල ප්‍රදේශයේ පාසල සිසුවකු වැහැර කාණුවකට වැටි සිට වී සිටියදී පොලිසිය සහ යුද හමුදාව එක්ව පැය භාගයකට පමණ පසු බේරාගෙන රෝහලට රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

ජලය බැස යන කාණුව අසල බෑගක් තිබී දැක ඒ ගැන විමසිලිමත් වීමේ දී මෙම සිද්ධිය අනාවණය වී ඇති අතර පසුව බැකෝ යන්ත්‍රයක් ආදාරයෙන් කාණුව කඩා දරුවා ගොඩ ගෙන ඇත.

අද පෙරවරුවේ සිට කුරුණෑගල ඇතුළු ප්‍රදේශවලට ඇද හැළුණු අධික වර්ෂාවත් සමග එම ප්‍රදේශයේ මංමාවත්වල මෙන්ම ඇළදොල ද ජලයෙන් පිරි ඇති අතර මෙම දරුවා ලිස්සා එම කාණුවට වැටී ඇතැයි දැන ගන්නට ඇත.

මෙම සිසුවා නවය ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ බව ද දැනගන්නට ඇත.

දරුවා මේ වන විට කුරුණෑගල රෝහලට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

Related posts

ශ්‍රී පුර වෙඩිතැබීමකින් 26 හැවරිදි පුද්ගලයෙක් මරුට

Admin

රත්නපුරයෙන් හමුවූ ලොව විශාලතම ආරුනූල් මැණික ස්විට්සර්ලන්තයට

colombotoday

විදුලි ගාස්තු සංශෝධනයට මහජන උපයෝගිතා කොමිසමේ ඒකමතික එකඟතාව

Admin

ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත් වෙයි

Admin

ඡන්ද විමසීමේ කාලය පැයකින් දිර්ඝ කෙරේ

colombotoday

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ගමනා ගමනය සම්පූර්ණයෙන්ම අවහිර වෙයි

Admin