Colombo Today Local News

ධීවරයින්ට දැනුම් දීමක්..

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ඉදිරි පැය 24 තුළ ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එම දෙපාර්තමේන්තුව තද සුළං හා රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රිය වීම හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා වැඩිවිය හැකි බවයි.

අදාළ අවස්ථාවලදී එම මුහුදු ප්‍රදේශ ඉතා රළුවිය හැකි අතර මුහුදු රළ මිටර් 2.5 සිට 3 යි දක්වා ඉහළ යාමේ හැකියාව ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

මේ අතර, අද දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වල හා මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි.

Related posts

තිළිණි ප්‍රියමාලි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

Admin

වල් අලි පහරින් තිදරු මවක ජීවිතක්ෂයට

Admin

දේශපාලන ඉතිහාසයේ වැඩිම මනාප මහින්දට රනිල්ගේ වාර්තාව බිඳ හෙලයි

colombotoday

ඇතැම් විමර්ශනවලට දේශපාලන බලපෑම් එල්ලවූ බව හිටපු පොලිස්පති කියයි

colombotoday

හොර ඡන්ද දැමීම හා ඡන්දය වැළැක්වීම සමූහ ස්ත්‍රී දූෂණයකට සමානයි – මැ.කො.

colombotoday

අපේ බන්දුල සර්…ඉක්මනින් සනීප වෙලා ඒන්න මේ නරාවළෙන් පාරිභෝගිකයා ගොඩගන්න. – මම සර්ගේ (අ)කීකරු ශිෂ්‍යයා

colombotoday