Colombo Today Local News

පුතුන් පැහැර ගත්තේ ඉන්දීය හමුදාවයි – ශ්‍රී ලංකා හමුදාව නොවෙයි – වැල්වැටිතුරේ මවක්‌ කොමිසමට කියයි

indiaarmy

තම පුතුන් දෙදෙනා පැහැරගෙන ගියේ ඉන්දීය සාම සාධක හමුදාව යෑයි යාපනය වැල්වැටිතුරෙයි හි පදිංචි දමිළ මවක්‌ අතුරුදන් වූවන් සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් යාපනයේදී කියා තිබේ.

ශ්‍රී ලංකා හමුදාව එම සිද්ධියට කිසිසේත් සම්බන්ධ නොමැති බැවින් ඒ පිළිබඳව ඉන්දීය සාම සාධක හමුදාව විමර්ශනයට ලක්‌ කරන ලෙසද එම මව කොමිසමෙන් ඉල්ලා ඇත.

1989 වසරේදී වැල්වැටිතුරේ වෙළෙඳසලක්‌ පවත්වාගෙන යමින් සිටි තම දරු දෙදෙනා ගැටුම් සමයේදී ඉන්දීය සාම සාධක හමුදාවෙන් රැගෙන ගිය බවද ඒ මව කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කියා ඇත. පැහැරගෙන යැමෙන් පසු දරු දෙදෙනාට සිදුවූ දේ කුමක්‌දැයි නොදන්නා බවද ඇය කියා තිබේ.

අතුරුදන් වූවන් සෙවීමේ ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු මැක්‌ස්‌වෙල් පරණගම මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේ දින හයක්‌ තිස්‌සේ මෙම කොමිසම පැවැත්විණි. යාපනය දිස්‌ත්‍රික්‌කයේ එක්‌දහස්‌ හයසිය විසි දෙනකු මෙම කොමිසම හමුවට කැඳවනු ලැබ තිබේ.

ඒ අනුව කොමිසම හමුවේ නවසිය අනූතුන් දෙනකු සාක්‍ෂි ලබාදී ඇත. අතුරුදන් වූවන් පිළිබඳ තවත් පැමිණිලි 337 ක්‌ ලැබී ඇතැයි කොමිසම සඳහන් කරයි.

1989 වසරේ මෙරටට පැමිණි ඉන්දීය සාම සාධක හමුදාවද උතුරේ තරුණයන් පැහැරගෙන ඇතැයි මේ මවගේ සාක්‍ෂිවලින් හෙළිවී ඇත.

Related posts

අරාබියේ සංචාරයකට ජනපතිට ආරාධනා !

colombotoday

දේශබන්දු තෙන්නකෝන්ට පහර දුන් අය අල්ලන්න පොලිසිය උදව් ඉල්ලයි

colombotoday

මෙවර නිදහස් උළෙලේ වෙනස්කම් රැසක්… ජනපති හරසර, යුද්ධ උපකරණ ප්‍රදර්ශනය අඩු කරයි… ආබාධීත රණවිරුන් වෙහෙසට පත්කිරීමත් වළකයි…

colombotoday

“මිහින්තලේ හාමුදුරුවන්ගෙ මාසික ආදායම කීයද? ඇයි ලයිට් කපන්න වුණේ”

Admin

ලංකාව ඉන්දියාවේ වැසිකිළියක් බවට පෙරළන ‘සීපා’ එපා..!

colombotoday

ටික් ටෝක් එකක් බාලවයස්කරුට මරු කැදවයි

colombotoday