Colombo Today Local News

අඩු ආදායම්ලාභී නිවාස 25,000ක සූර්ය බලයෙන් විදුලිය හදන ව්‍යාපෘතියක් අරඹයි

අඩු ආදායම්ලාභී නිවාස 25,000ක් සදහා සූර්ය පැනල මගින් විදුලිය ලබාදීමේ ව්‍යාපෘතියක් ඇරඹීමට සැලසුම් කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

එමගින් මෙගාවොට් 500 ක පුනර්ජනනීය බලශක්තියක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට අපේක්ෂා කෙරෙන බවද අමාත්‍යවරයා කීය.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාවට ද අනුමැතිය හිමිව තිබෙි.

ඉදිකිරීම් කටයුතු අතරමඟ නතරවූ නිවාස 69,000ක් අතුරින් නිවාස 25,000ක් මෙම ව්‍යපෘතිය සඳහා තෝරා ගන්නා බවත් එම නිවාසවල වැඩ අවසන්කොට වහලය මත සවිකෙරෙන සූර්ය පැනල මගින් කිලෝවොට් 20 විදුලියක් උත්පාදනය කෙරෙන අතර එම විදුලිය නිවාසවල පාවිච්චියට අමතරව ජාතික විදුලිබල පද්ධතියටද එක්කෙරෙන බව අමාත්‍යවරයා පවසයි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය 2017 වසරේ සිට අඩු ආදායම්ලාභී පවුල් වෙත ආධාර පදනමින් ඇරැඹූ නිවාස ව්‍යාපෘති රැසක් අතරමඟ නතරවී ඇතැයි ද ඒ අනුව මොණරාගල, අම්පාර, මඩකළපුව, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, අනුරාධපුර, වවුනියාව,මන්නාරම, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන දිස්ත්‍රික්ක 11හි රජයේ ඉඩම්වල, ඇති තෝරාගත් නිවාස වල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ

Related posts

වාහන නොවන ඉන්ධන බලපත්‍ර නිකුත් කිරීම ලබන සැප්තැම්බරේ

colombotoday

තිරිඟු ආනයනයට පියවර

colombotoday

ආරක්ෂක ලේකම් ධුරයේ මා ඉදිත්දීනම් විග්නේෂ්වරන් කටක් හෙල්ලුවේ නෑ

colombotoday

පැතුම් කර්නර්ට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

colombotoday

රෑ 9.00ට එන විශ්වාසභංග ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය මෙන්න !

colombotoday

සීගිරියේ ලයිට් දැම්මේ නෑලු

Admin