Colombo Today Local News

විස්සයි විස්ස පන්දු යවන්නන් අතර වනිඳු තවත් ඉදිරියට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග තවත් ස්ථානයක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.

ඒ අනුව ඔහුට හිමිව ඇති ස්ථානය වන්නේ 5 වන ස්ථානයයි.

වනිඳු හිමිකරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 692කි.

මේ අතර ඇෆ්ගනිස්තාන ක්‍රීඩක රෂීඩ් ඛාන් විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 4 වන ස්ථානය හිමිකරගෙන ඇත.

Josh Hazlewood එහි පළමුතැන තවදුරටත් රැඳී සිටී.

මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත කිරීම්හි පළමු තැන මොහමඩ් නබීට හිමිකරගෙන තිබේ.

ඔහුට හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 246කි.

මේ අතර විස්සයි විස්ස පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන දෙකක් ඉදිරියට පැමිණීමට සූර්යකුමාර් යාදව් සමත්ව ඇත.

Related posts

එජාප ප්‍රබලයෙක් ගෝඨාගේ සහයට එකතු වෙයි…

colombotoday

එකමුතුව වෙනුවෙන් බෞද්ධ හිංදු සම්මන්ත්‍රණයක්

colombotoday

සෞඛ්‍ය සේවාවන් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්ට සමුපකාර පිරවුම්හලෙන් ඉන්ධන

colombotoday

සුදු නෙළුම අරන් තවලමේ ගිය ප්‍රබල ඇමති, චාවාකච්චේරි කොටියා එළියට දාන්න බරටම වැඩ

colombotoday

ජාතික අධ්‍යාපන ආයතනයෙන් තමන් එළවා දැමීම ගැන ආචාර්ය නිර්මාල් මෙසේ කියයි

colombotoday

SPC පරික්ෂාවට ලක්නොවන ඖෂධ 2700ක් වෙළෙඳපොළේ

colombotoday