Colombo Today Local News

අපරික්ෂාකාරී ධාවනයෙන් බස් රථයක් මගීන් එක්කම කරනම්ගසයි

අනුරාධපුර සිට පොළොන්නරුව දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් පෙරළීමෙන් අනතුරක් සිදුව ඇත.

ඊයේ (27) රාත්‍රීයේ එම අනතුර සිදුව තිබුණේ, මින්නේරිය පොලිස් වසමේ බටුඔය ප්‍රදේශයේදීය.

අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් 30 දෙනෙකු පමණ ගමන් කර ඇති අතර ඉන් තුවාල ලැබූ මගීන් 06 දෙනෙකු හිඟුරක්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහල වෙත මාරුකර යවා තිබේ.

බස් රථ රියදුරගේ අපරික්ෂාකාරී රිය පැදවීම හේතුවෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අදාළ අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත අතර මින්නේරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ඉදිරි මස 3 ඉතා අභියෝගාත්මකයි – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් අනතුරු ඇගවීමක්

colombotoday

නව මැතිවරණ පනතට අනුමැතිය

Admin

අලුතින් පත්වන ඇමතිවරුන්ට වැටුප නෑ.

colombotoday

2017 නොබෙල් සාම තෑග්ගට ජනපති මෛත්‍රීගේ නම යෝජනා වෙයි !

colombotoday

ජනක වක්කුඹුර පරිසර රාජ්‍ය අමාත්‍ය ධූරයට

Admin

මුරලිගේ ප්‍රකාශයට ගෝඨාභයගෙන් මල්, මනෝ ගනේෂන්ගෙන් ගල්…

colombotoday