Colombo Today Local News

ගුවන් තොටුපළෙන් පන්නන්න ගිය කෝටි දෙකක රන් බිස්කට්

රුපියල් කෝටි දෙකක් පමණ වටිනා කිලෝ ග්‍රෑම් එකක් බරැති රන් බිස්කට් 08 ක් කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට රැගෙන ගිය ගුවන් තොටුපළ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීවරයෙකු අද (27) දහවල් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු කැළණිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීවරයෙක්.

ඩුබායි සිට අද (27) උදෑසන පැමිණි ඉන්දීය ජාතික ගුවන් මගියෙකු විසින් මෙම රන් බිස්කට් තොගය, කටුනායක ගුවන් තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ දී මෙම ආරක්ෂක නිලධාරීවරයාට ලබා දෙන්නට ඇතැයි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සැක පළ කරයි.

මෙම ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීවරයා මෙම රන් බිස්කට් තොගය තම කළිසම් සාක්කුවේ සඟවා ගෙන ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ රේගු පරිශ්‍රය පසු කර ගෙන යෑමට උත්සාහ දරමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් මෙම ආරක්ෂක නිලධාරීවරයා අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

Related posts

ජාතික ආරක්ෂාව බිදවැටී ඇති බව අන්තවාදීන් පිරිසක් කියනව – ජනපති

colombotoday

බැදුම්කර වාර්තාවේ වැදගත්ම කොටස හංගලා.. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ බාගයයි

colombotoday

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට

colombotoday

සේවා සගයින්ගේ නිරුවත් දසුන් පටිගත කළ වයඹ සරසවි ඇදුරා දැලේ!

Admin

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්..

Admin

ජපානයෙන් සෞඛ්‍ය සේවයට ත්‍යාගයක්

Admin