Colombo Today Local News

පාස්කු ප්‍රහාරය: වගඋත්තරකරුවෙකු වූ රනිල්ට එරෙහිව නඩු කටයුතු පවත්වාගෙන යා නොහැකි බව ශ්‍රේෂ්‍ඨාධිකරණය තීන්දු කරයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව නඩු කටයුතු පවත්වාගෙන යා නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අදාළ නඩුව අද (සැප්. 26) කැඳවූ අවස්ථාවේදී එම තීන්දුව ගෙන ඇත.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වත්මන් ජනාධිපතිවරයා වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටියේ ය.

ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව ලැබී ඇති මුක්තිය හේතුවෙන් ශ්‍රේෂ්‍ඨාධිකරණය අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.

Related posts

පාස්කු ප‍්‍රහාරයට වසරයි. තොවිලයේ නියම යක්කුන් භූතයින් එළියට එයි.

colombotoday

භික්ෂූන් වහන්සේලා දෙදාහක් සමග පැවිදි හඩත් ජන සටන පාද යාත්‍රාවේ

colombotoday

‍රමිත රඹුක්වැල්ලට අධිකරණ නියෝගයක්

Admin

තව මාසයක් දීග කාල බලමු.. ශ්‍රීලනිප මන්ත්‍රීන්ට ජනපති අද කීව දේ මෙන්න

colombotoday

පාරවල් මාරු වෙයි, කොළඹ ගමන් අලුත් වෙයි.

colombotoday

ජනතාව දැනුවත් කරන්න විතරක් කෝටි 8ක වියදමක්

colombotoday