World

‘සෙල්මන් බෝයි’ ගේම් ඇප් එකට එරෙහිව සුපිරි ​බොලිවුඩ් නළු සල්මාන් ඛාන් උසාවි යයි

‘සෙල්මන් බෝයි’ නමින් වීඩියෝ ක්‍රීඩාලෝලීන් අතර ප්‍රකටව ඇති මෘදුකාංග නිෂ්පාදනයන්ට එරෙහිව සුපිරි ​බොලිවුඩ් නළු සල්මාන් ඛාන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව මුම්බායි අධිකරණය නියෝග කර ඇත්තේ එම වීඩියෝ ක්‍රීඩා මෘදුකාංගය ගූගල් ප්ලේ ස්ටෝර් වෙබ් අඩවියෙන් ඉවත් කරන ලෙසය. සල්මන් මෙම පැමිණිල්ල කර ඇත්තේ එම ක්‍රීඩාව නිසා තම ප්‍රතිරූපයට හානි සිදුවන බව පවසමිනි.

‘සෙල්මන් බෝයි’ නිෂ්පාදකයා වන්නේ පැරෝඩි ස්ටූඩි​යෝස් නම් සමාගමයි. ඊට අමතරව ගූගල් සමාගමද එහි වගඋත්තරකරුවකු වශයෙන් නම් කර තිබේ.
ඔහුගේ බොහෝ රසිකයන් සල්මන්ව අමතන්නේ ‘සල්මන් භායි’ ලෙසිනි. මෙම වීඩියෝ ක්‍රීඩාවේ එය සමග උච්චාරණ සමානතාවක් පවතින බවත් එමගින් සිය සමාජ ප්‍රතිරූපයට හානි වන බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

එසේම එහි චරිත හා තමන් අතර සමානාත්මතාවක් දැක්වීමට නිෂ්පාදකයන් කටයුතු කර ඇති බවද අදාළ පැමිණිල්ලේ දැක්වේ.

සල්මන් තවදුරටත් චෝදනා කරන්නේ සිය පෞද්ගලික මතය නොවීම සහ නිෂ්පාදකයන් තමන්ගේ පෞරුෂයට උපයෝගී කරගෙන වාණිජ වාසියක් ලබාගැනීමට කටයුතු කර තිබෙන බවය.

ඔහුගේ පැමිණිල්ල සලකා බැලූ අධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත්කරන තෙක් එම වීඩියෝ ක්‍රීඩාව බාගත කිරීමට හෝ එහි යෙදීමට ඇති අවස්ථාව අවහිර කරන ලෙස ගූගල් සමාගමට හා නිෂ්පාදන සමාගමට නියෝග කළේය.

Related posts

ෆේස්බුක් පරිශීලකයින්ගේ රහස් තොරතුරු සොරකම්කළ හැකි ඇන්රොයිඩ් මෙවලම් 9ක් Google ඉවත් කරයි

colombotoday

විල්පත්තු සංහාරයට මුදල් දුන් කටාර් රජුගේ දියණිය, පිරිමින් 7ක් එක්ක සංවාසයේ යෙදෙත්දී ලන්ඩන් පොලීසියට හසුවේ

colombotoday

ආර්ජන්ටිනාවත් වසා දමයි

colombotoday

හයිටි රාජ්‍යට බලපෑ භූ කම්පනයෙන් මියගිය ගණන දහස ඉක්මවයි

colombotoday

වැදගත් කතාවලදී කාන්තාවන් කට වහගෙන ඉන්න – ජපානයෙන් තීරණයක්

colombotoday

ඉම්රාන් ඛාන්ගේ නැවත අලුත් වූ සිර දඩුවම

Admin