ගම්පහ දිස්ත්රික්කයේ ප්රදේශ රැසකට අද පස්වරු 4 සිට පැය 14ක්, ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව ඒකල, කොටුගොඩ , උදම්මිට, රජ මාවතේ තුඩැල්ල සිට 20 සැතපුම් කණුව දක්වා, වහටියාග , දැලතුර, කටුනායක, සීදුව, උඩුගම්පොල සහ මිනුවන්ගොඩ කොටසකට, කටුනායක ගුවන් හමුදා කඳවුර, කටුනායක නිදහස් වෙළඳ කලාපය සහ කටාන දකුණ ප්රදේශයට ජල සැපයුම අත්හිටවනු ඇති.
ජා – ඇල මාර්ගයේ ජල නළ පද්ධතිය වැඩි දියුණු කිරිමක් ජල සැපයුම අත්හිටුවීමට හේතුවී ඇතැයි, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.