Colombo Today Local News

“ජාතීන් වශයෙන් පාසල් ලමුන්ට අඩු වැඩි සැලකිලි, මේ ආණ්ඩුව පාසල තුළම ජාතිවාදය වපුරනවා” – හිටපු ජනපති

පාසල් නිල ඇදුම වෙනුවට කූපන් පතක් ලබා දීම හරහා පාලසල් දරුවන්ට නොමිලේ ලබා දෙන නිල ඇදුම් වරප්‍රසාදය වත්මන් රජය විසින් කප්පාදු කර තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ගම්පහ උත්තරමුල්ල විහාරස්ථානයක ඊයේ පැවති ආගමික උත්සවයකට සහභාගී වෙමින් ඒ මහතා පැවසූවේ නිල ඇදුම් ලබා දීමේදී ජාති අගම් බේදයකින් තොරව සියළු සිසුන්ට සමානාත්මතාවයෙන් යුතුව සැලකුණු ලැබූවත් එක් ජාතියක දරුවෙකුට වැඩි වටිනාකමකිනුත් තවත් ජාතියක දරුවෙකුට අඩු වටිනාකමකිනුත් වශයෙන් විවිධ මිල ගණන් යටතේ කූපන් පත් ලබා දීම හේතුවෙන් එකම පන්තියේ දරුවන් ආගමික හා ජාති වශයෙන් බෙදීමට ලක් කර තිබෙන බවයි. ඒ හරහා වත්මන් ආණ්ඩුව පාසල තුළම ජාතිවාදය වැපිරීමට කටයුතු කර තිබෙන බවද රාජපක්ෂ මහතා පැවසූවා.

අයවැය මගින් පොහොර සහනාධාර කප්පාදු කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා “කෘෂිකර්මය කියන්නේ අපේ හදවත. අපේ සංස්කෘතිය. වී ගොවිතැන නැතිවෙච්චි දවසට අපේ සංස්කෘතියත් ඉවරයි. වැවයි දාගැබයි පන්සලයි එක්ක හැදිච්ච සංස්කෘතියක් අපට තියනවා. එය විනාශ කර දැමීමේ වැඩපිළිවෙලක් දැක් ක්‍රියාත්මකයි. එමෙන්ම මාගේ පාලන කාලයේදී ලෝකයේ විශාල ආහාර අර්බූධයක් ඇති වුණා. නමුත් අපට පිටරටින් සහල් ගේන්න උවමනාවක් තිබුනේ නැහැ. අපි ඒ අර්බූධයෙන් මිදුනේ පොහොර සහනාධාරය දුන්නු නිසා. ඒ නිසා අස්වැන්න වැඩි වුණා” යැයිද පැවසීය.

Related posts

හිටපු ජනපති නන්දසේන ගැන මානව කොමිසමෙන් රජයට නිර්දේශයක්

colombotoday

ලංගමට අයත් සියලු රියදුරු සහ කොන්දොස්තර මහතුන්ගේ නිවාඩු අවලංගුකරයි

colombotoday

මේජර් ජෙනරාල් විකුම් ලියනගේ 24වන යුද හමුදාපති ධූරයට පත් කෙරේ

colombotoday

2017 වසරේ ඩෙංගු රෝගීන් 184000 ක්‌ මරණ 430 ක්‌

colombotoday

එජාප මහලේකම් පුටුව තලතාට

Admin

ඇමතිකමක් ඉල්ලාගෙන පස්සෙන් ඇවිත්.. මංගල ගැන නොකී කතාවක් ගෝඨා හෙළිකරයි – වීඩියෝ සහිතයි

colombotoday