මිද්දෙණිය, සතොස්මාතාගම ප්රදේශයේදී ඊයේ (01) රාත්රී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
මියගොස් ඇත්තේ 47 හැවිරිදි සතොස්මාතාගම ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මියගිය පුද්ගලයා ඊයේ රාත්රි 9 .30 ට පමණ යතුරුපැදියකින් තම නිවසට යමින් සිටියදී ඔහු වෙඩි ප්රහාරයට ලක්ව ඇති බව පොලිසිය පවසයි.
වෙඩි වැදීමෙන් ඔහු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව වාර්තාවේ.
මිය ගිය පුද්ගලයා 2017 වර්ෂයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකු බව පොලිසිය සදහන් කරයි.