Colombo Today Local News

විහාරස්ථානවල විදුලි පහන් නිවා විදුලි බිලට විරෝධයපාන්න යෝජනාවක්

එළැඹෙන වප් පුන් පොහෝ දින විහාරස්ථානවල විදුලි පහන් නිවා දමා දායකයන් සමග එක්ව ඉහළ දැමූ විදුලි බිලට විරෝධය දැක්වීම සඳහා වන යෝජනාවක් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මධ්‍යම පළාත් සංඝ සභාවට ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මධ්‍යම පළාත් ප්‍රධාන සංඝනායක ගොඩමුන්නේ පඤ්ඤාකිත්ති නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අදාළ රැස්වීම පෙරේදා (සැප්. 19)දින එම විහාරස්ථානයේදී පවත්වා ඇත.

ඉදිරියේදී කඨින චීවර පූජා ඇතුළු බෞද්ධාගමික උත්සව හා වැඩසටහන් රැසක් සිදු කිරීමට නියමිත බව ත් අත්තනෝමතික ලෙස විදුලි බිල වැඩි කිරීම නිසා මේ වන විට එම උත්සව පැවැත්වීමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙන බව ත් ගලහ සිරිසාන්ත හිමියෝ සංඝ සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළහ.

මැති ඇමතිවරු රුපියල් කෝටි ගණනින් හිඟ විදුලි බිල් නොගෙවා සිටියදී මේ අන්දමින් භික්ෂුන් වහන්සේ අපහසුතාවට පත් කිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ද උන්වහන්සේ කීහ.

මැති ඇමතිවරුන්ගේ ඡන්ද ව්‍යාපාරවලට සහය දුන් පුද්ගලයන් විදුලිබල මණ්ඩලයේ ඉහළ තනතුරුවලට සුදුසුකම් පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වා පත් කිරීම ඔස්සේ දිගින් දිගට ම පාඩු ලබන මණ්ඩලය ලාභ ලබන්නට උත්සාහ කරන්නේ මේ රටේ බෞද්ධ විහාරස්ථාන අඳුරේ තබා ද යන ප්‍රශ්නය තමන් වහන්සේ විදුලි බල ඇමතිවරයාගෙන් විමසන බව ද සිරිසාන්ත හිමියෝ පැවසූහ.

විහාරස්ථානවල විදුලිය අවභාවිත වන බවට ඇමැතිවරයා කළ ප්‍රකාශය තරයේ හෙළා දකින බව ත් අදාළ ගැටලුව සම්බන්ධව ජනපතිවරයාගේ මෙන් ම බුද්ධශාසන ඇමතිවරයාගේ අවධානය කඩිනමින් යොමුවිය යුතුව තිබෙන බව ත් සිරිසාන්ත හිමියෝ ප්‍රකාශ කළහ.

මෙහිදී අදහස් පළ කළ පූජ්‍ය එළදැත්ත සද්ධාසීල හිමි, දැරිය නොහැකි ආකාරයෙන් බෞද්ධ විහාරස්ථානවල විදුලි බිල වැඩි කිරීම බුද්ධාගමට එරෙහිව සිදුකරන කුමන්ත්‍රණයක් බව කීහ.

වෙහෙර විහාරස්ථානවල මෙන් ම මහජනතාවගේ ද විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කළ රාමඤ්ඤ නිකායේ අනුනායක පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියෝ, මේ ආකාරයෙන් විදුලි බිල වැඩි කිරීම කිසිසේත් ම පිළිගත නොහැකි බව ත් මෙය බෞද්ධාගම රකින බවට පොරොන්දු වී බලයට පැමිණි රජය බෞද්ධ ආගම විනාශ කිරීමේ වෑයමක නිරතව සිටීමක් වශයෙන් සලකන බව ත් පැවසූහ.

-මව්බිම-

Related posts

කැළණි ගගේ ජල මට්ටම යළි ඉහළට.. ඉවත් වන්න සූදානමින් ඉන්න !

colombotoday

ඇල්ලූ ලිපිය රාජ්‍ය විරෝධී නෑ… ඒක හැදුවේ මගේ අමාත්‍යංශයේ, ඒත් මම මොකුත් දන්නෑ…

colombotoday

කැබිනට් සංශෝධනයට නිහඬ විරෝධයක් : ප්‍රබල අමාත්‍යවරු කිහිප දෙනෙක් විදේශ ගතවෙති

colombotoday

මෙරට වකුගඩු රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ යා හැකියි… – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

Admin

වික්ටර් රත්නායකගේ බිරිය යළි රිමාන්ඩ්

colombotoday

ජිනීවා මානව හිමිකම් සැසිවාරය ඉලක්ක කර රණවිරු දඩයම යලි ඇරඹෙයි. – නාවික බුද්ධි නිලදරුවෙකු අත්අඩංගුවට.

colombotoday