Colombo Today Local News

කබ්රාල්ට එරෙහි චෝදනා විභාගයට නොගෙනම ප්‍රතික්‍ෂේප කරන්න – ජනාධිපති නීතිඥ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලෙන් ඉල්ලයි

රටේ ආර්ථිකය බිඳ දැමීමට මගපෑදූ බවට සිය සේවාදායකයාට එරෙහිව පෙත්සම්කරුවන් විසින් නඟා ඇති සියලු චෝදනා ද්වේශ සහගතව ගොනුකළ පදනම් විරහිත ඒවා වන්නේ යැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පැවැසීය.

නඩුවක් ගොනුකළ යුතු කාලය ඉක්මවා යෑමෙන් අනතුරුව කිසිදු නෛතික පදනමක් නොමැතිව එම පෙත්සම් ගොනුකර ඇති බැවින් ඒවා විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ප්‍රතික්‍ෂේප කරනා ලෙසට ද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, විජිත් මලල්ගොඩ, එල්.ටී.බී. දෙහිදෙණිය හා මුර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඬුල්ලට ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

2021 සැප්තැම්බර් මාසයේදී හිටපු ජනාධිපතිවරයා විසින් සිය සේවාදායකයාට මහ බැංකු අධිපතිවරයා ලෙස විශේෂයෙන් පත්කරනු ලැබුවේ 2006 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළදී ඔහු ඉතා දක්‍ෂ ලෙස මහ බැංකුව හසුරවමින් ශ්‍රී ලංකා ඉතිහාසයේ වඩාත්ම යහපත් සර්ව ආර්ථික සාධක සහ ආර්ථික වර්ධනය ළඟා කරගන්නට ලබාදී තිබූ දායකත්වය නිසා බවත් ඔහු අවසන්වරට මහ බැංකු අධිපති ලෙස කටයුතු කළ මාස හය තුළදී සියලුම මුදල් මණ්ඩල තීරණ නීතියට අනුව ක්‍රියාත්මක කර ඇති බවත් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ පැවැසීය.

බොහෝ ආර්ථික තීරණවල ප්‍රතිඵල සහ විපාක දැනෙනුයේ යම් කලක් ගතවීමෙන් පසුව වන බැවින් සිය සේවාදායකයා අවසන් වරට ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ දක්නට ලැබුණේ අවුරුදු කිහිපයකට පෙරගෙන තිබූ තීරණවල දුර්වලකම් බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ ඉවත් කෙරේ!

colombotoday

ජනපතිගේ නව අවුරුදු සුබ පැතුම

Admin

උදයංග වීරතුංග මෙරටට ගෙනෙන්න බැරිවෙන ලකුණු

colombotoday

අවදානම් තත්ත්වය දැනුම්වත් කල නිවසක් මතට පස් කන්දක් කඩාවැටී 4ක් අතුරුදන්

colombotoday

නාමල් කුමාරගේ දුරකථනයේ මකා දැමූ දත්ත නැවත ලබාගැනීමට හැකිවුණා – CIDය අධිකරණයට දන්වයි.

colombotoday

වැල්ලම්පිටියේ ගංවතුර බලන්න පවුල් පිටින් සංචාරයේ ආ ඇමතිට හූ කියා පන්නයි

colombotoday