Colombo Today Local News

“මෙරට මැතිවරණ ක්‍රියාවලිය ඉතාමත් දූෂිත හා දුර්වලයි”

මෙරට මැතිවරණ ක්‍රියාවලිය ඉතාමත් දූෂිත හා දුර්වල යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා අවධාරණය කරයි.

දේශපාලන පක්‍ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා ද කියන ප්‍රශ්නය අපට තිබෙනවා යැයි පැවසූ සභාපතිවරයා ඇතැම් දේශපාලන පක්‍ෂවල තනි තැනක බලය පවතින බව ද පෙන්වා දෙයි.

අන්තර්ජාතික ප්‍රජාතන්ත්‍රවාදී දින සැමරුම් උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ඊයේ (15)දින පැවති අවස්ථාවේදී පුංචිහේවා මහතා එසේ පැවසීය.

ඇතැමුන් මැතිවරණයකදී අති දැවැන්ත මුදලක් වියදම් කරන නමුත් ඇතැම් අපේක්‍ෂකයන්ට පෝස්ටරයක් ඇලවීමට තරම්වත් හැකියාවක් නැතැයි ද සඳහන් කළ සභාපතිවරයා මැතිවරණයේදී මුදල් වියදම් කළ අය වෙත ළැදියාව සහ බැඳියාව පවතින බව ද පැවසීය.

මැතිවරණවලදී මුදල් වියදම් කිරීම පාලනය කිරීමට බලතල තිබිය යුතු බව ත් ඒ සඳහා වියදම් පාලන කිරීමේ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට අපේක්‍ෂා කරන බව ත් පුංචිහේවා මහතා පැවසීය.

දූෂණවලට සම්බන්ධ අපේක්‍ෂකයන් මැතිවරණවලට ඉදිරිපත් වන නමුත් එය මැතිවරණ කොමිෂන් සභාවට පාලනය කිරීමේ හැකියාවක් නොමැති බව පෙන්වා දුන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා මැතිවරණවලදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට හිමිකම් ඇති අය හැරෙන්නට ඇඟලුම් කම්හල්වල සේවකයන්, විදේශගත, ඡන්ද හිමියකම් ඇති අය, රෝහල් කාර්ය මණ්ඩල, මාධ්‍යවේදීන් ඇතුළු කොටස් කිහිපයකට මැතිවරණ දිනයට කලින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසීමට පියවර ගන්නා බව ද පැවසීය.

Related posts

පාරිභෝගික කටයුතු අධිකාරියේ තොරතුරු නිළධාරිනිය “ගොන් පාර්ට්” දමයි

colombotoday

ලක්ෂ 20 ට අධික මත්කුඩු සමග කතක් පොලිස් දැලේ

colombotoday

කරුණා ගැන ඥානසාර හිමි පැවසු බව සඳහන් කරමින් ව්‍යාජ ප්‍රකාශයක් අන්තර්ජාලයේ

colombotoday

ඇමරිකාවෙන් ඩොලර් මිලියන 2.5 ක හදිසි ආධාරයක්

colombotoday

රන්ජන් මීගමුව දිසා අධිකරණයට රැගෙන එයි

colombotoday

අපිටත් බෑ.. කාටවත් බෑ.. දහවැනිදා ප්‍රතිපලේ ගැන සුසිල් කියයි

colombotoday