Colombo Today Local News

හෙට සිට ජනතාවට නෙලුම් කුළුණ විවෘතයි

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස ඉදිකෙරුණු නෙළුම් කුළුණේ මෙහෙයුම් කටයුතු හෙට (15)දිනයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

මේ වන විට දේශීය ආයෝජකයින් සහ විදේශීය ආයෝජකයින් නෙළුම් කුළුණ ආයෝජනයට එක්ව ඇති අතර ආයෝජකයින් 22ක් ගිවිසුම්ගත වීමට කැමැත්ත පළ කර ඇති බව නෙළුම් කුළුණ පුද්ගලික සමාගමේ ප්‍රධාන පරිපාලන නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ පවසයි.

මේ වසරේ දෙසැම්බර් 31 වන දින වන විට විවිධ උත්සව 15ක් සඳහා ඇණවුම් ලැබී ඇති බව ද ඔහු සඳහන් කර තිබේ.

2012 වසරේදී ආරම්භ කළ නෙළුම් කුලුනේ ඉදිකිරීම් කටයුතු මේ වසරේ පෙබරවාරි මස 28 වන දින අවසන් කෙරුණු අතර ඒ සඳහා චීන සමාගම විසින් ලබාදුන් ණය මුදලේ ගෙවීම් කටයුතු 2024 වසරේදී අවසන් කිරීමට නියමිතය.

හෙට සිට නෙළුම් කුළුණ ජනතාව සඳහා විවෘත කිරීමත් සමග රුපියල් 500 ක් සහ රුපියල් 2,000 ක් ලෙස ප්‍රවේශ පත්‍ර මිලදී ගනිමින් ඊට පිවිසිය හැකි වේ.

එමෙන්ම විදේශිකයින් සඳහා ප්‍රවේශ පත්‍ර ගාස්තුව අමෙරිකානු ඩොලර් 20ක් වන බව සඳහන්ය.

Related posts

කොන්සියුලර් සේවා අද සිට සාමාන්‍ය පරිදි

colombotoday

නව මුදල් පනත අද සිට බලාත්මකයි

colombotoday

මාතරින් වැඩිම ඡන්ද ගත් බුද්ධිකට නොදෙන තැන සාගලට දෙන රහස…

colombotoday

චම්පික – රතන හිමි “වස විස විරසකය” කැබිනෙට්ටුවේදී පත්තු වෙයි

colombotoday

මැතිසබය විසුරුවන ගැසට්ටුව අද මධ්‍යම රාත්‍රිෙය් !

colombotoday

“මීළග ශ්‍රීලනිප මැයි රැලිය ඒකාබද්ධය සමගයි.. එජාපය කුජීත වුණා“ – ශ්‍රීලනිප ඇමතිලා කියන කතා

colombotoday