Colombo Today Local News

මිල්කෝ කර්මාන්ත ශාලාවේ මහා පරිමාණ ඩීසල් වංචාවක්… සේවකයින් අනිවාර්ය නිවාඩු යවයි

මිල්කෝ සමාගමට අයත් අඹේවෙල කර්මාන්ත ශාලාවේ මහා පරිමාණ ඩීසල් වංචාවක් සම්බන්ධයෙන් එහි සභාපති රේණුක පෙරේරා මහතා අද (14) පෙරවරුවේ කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම්වත් කර තිබේ.

2021 සිට මෙම ආයතනය තුළ මෙම ඉන්ධන වංචාව සිදුවී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි කී සභාපතිවරයා ඩීසල් ලීටර් 45,000කට අධික ප්‍රමාණයක් පුද්ගලික ඉන්ධනහල්වලට විකුණා ඇති බවට තොරතුරු ලැබී ඇති බව ද අවධාරණය කළ බවයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යංශය නිවේදනය කළේ.

මේ සම්බන්ධව පුළුල් විමර්ශනයක් මේ වනවිට ආරම්භ කර ඇතත්, මෙම වංචාවට සම්බන්ධව බවට දැනට චෝදනා එල්ල වී ඇති සියලු සේවකයින් විමර්ශන අවසන් වන තෙක් අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගන්නා බවද රේණුක පෙරේරා මහතා කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දුන් බව සඳහන්.

මෙම ඉන්ධන වංචාව මෙම වර්ෂය තුළ දීත් සිදු වී ඇත්ද යන්න සම්බන්ධව පුළුල් විමර්ශනයකින් සොයා බලන්නැයී අමාත්‍යවරයා සභාපතිවරයාට උපදෙස් දී තිබේ.

Related posts

සේවයෙන් පැන ගිය ත්‍රිවිධ හමුදා සෙබළුන්ට විශේෂ දැනුම්දීමක්

Admin

“මාස හතරක් ගියත් අප රටේ කාබනික පොහොර නිෂ්පාදනය කරන්න වැඩපිළිවෙළක් නැහැ”

colombotoday

රන්ජන්ගේ පාර්ලිමේන්තු අසුන ගැන තීන්දුව ලබන 31

colombotoday

ආණ්ඩුවේ කණ්ඩායමක් විපක්ෂයට එනවා – සජිත් අනාවැකි කියයි

Admin

කහටගස්දිගිලිය අඩවි වන කාර්යාලයේ වන ව්‍යාප්ති නිලධාරීයෙක් අල්ලස් දැලේ

colombotoday

අබලන් ගොඩනැගිලි හා පරිශ්‍ර පිළිබඳ වහා පියවර ගන්නැයි පළාත් බලධාරින්ට උපදෙස්

Admin