Colombo Today Local News

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය සෙවීමේ ප්‍රගතියක් නැතැයි මානව හිමිකම් සැසියේදී චෝදනා

කිසිදු බාහිර යාන්ත්‍රණයක් ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට මැදිහත්වීම ප්‍රතික්ෂේප කරන්නේ යැයි විදේශ කටයුතු ඇමති අලි සබ්‍රි ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුවේ ඊයේ (සැප්. 12)දින පැවසීය.

ව්‍යවස්ථා රාමුව තුළ සත්‍ය හෙළි කිරීමේ යාන්ත්‍රණයක් පිහිටු වීමට රජය අපේක්ෂා කරන්නේ යැයි ද ජාත්‍යන්තර පිළිගැනීම්වලට අනුකූලව නව ජාතික ආරක්ෂක නීතියක් පිහිටුවන්නේ යැයි ද අලි සබ්‍රි මහතා කීය.

සමාජ ආර්ථික දුෂ්කරතාවලට ගොදුරු වී ඇති පුද්ගලයන් ගැන ලංකා රජය සැලකිලිමත් වී ඇතැයි ද ඔවුන්ට ජීවත්වීමට අවශ්‍ය සැපයුම් සඳහා බහුවිධ ක්‍රියාවලියක් ආරම්භ කර ඇතැයි ද ඔහු කීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වූ නිලධාරි මට්ටමේ සාකච්ඡාවෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ප්‍රවේශයක් ලබා ගෙන ඇතැයි ද ස්වාධීන අභ්‍යන්තර ආයතන මගින් මානව හිමිකම් හා සංහිඳියාව ආරක්ෂා කිරීමට ලංකාව දැඩි ලෙස බැඳී සිටින්නේ යැයි ද ඇමතිවරයා පැවසීය.

විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි මෙම අදහස් පළ කළේ සැසිවාරය ආරම්භයේ දෙවන අංගය ලෙස ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සාකච්ඡාවට ලක් වූ අවස්ථාවේ ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්වරිය ලෙස මිෂෙල් බැෂෙලේ සකස් කළ මානව හිමිකම් වාර්තාව එහි වැඩ බලන මහ කොමසාරිස් ලෙස සේවය කරන මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය මහ කොමසාරිස් නාඩා අල්-නෂීෆ් විසින් ඉදිරිපත් කරනු ලැබී ය.

අවදානමක් ඇති ජනතාවට සමාජ ආරක්ෂණයක් ලබාදීමට රජය ගෙන ඇති පියවර අගය කරන අතර ම ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය යහපත් අතට හැරවීමට සහය වන්නැයි ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටින්නේ යැයිද නාඩා අල්-නෂීෆ් පැවසුවා ය.

එහෙත් සිවිල් සංවිධාන මානව හිමිකම් සුරකින්නන් හා හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට සිදුවන බියවැද්දීම් සම්බන්ධයෙන් සිය අවධානය යොමුව ඇතැයි කී ඇය 2019දී වූ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය සෙවීමේ ප්‍රගතියක් නැතැයි චෝදනා කළා ය.

ඒ පිළිබඳ ස්වාධීන හා විනිවිදභාවයකින් යුතු පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලා සිටින්නේ යැයිද අවශ්‍ය නම් ඊට ජාත්‍යන්තර සහාය ලබාගත හැකි යැයි ද ඇය කීවා ය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන පුද්ගලයන්ට එරෙහිව සම්බාධක පැනවීම ඇතුළු වගවීමේ යාන්ත්‍රණය සඳහා මැදිහත් වන්නැයි සාමාජික රටවලින් ඉල්ලා සිටින්නේ යැයිද නාඩා අල්-නෂීෆ් වැඩිදුරටත් සඳහන් කළා ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන නිත්‍ය සැසිවාරය ඊයේ (සැප්. 12) ජිනීවාහිදී ආරම්භ වූ අතර එය ඔක්තෝබර් 7 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.

වසර 4ක කාලයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්වරිය ලෙස මිෂෙල් බැෂෙලේ කටයුතු කළ අතර අගෝස්තු 31 වන දා ඇයගේ නිල කාලය අවසන් විය.

සැප්තැම්බර් 13 සහ 14 යන දිනවල පැවැත්වෙන පොදු විවාදයේදී මහ කොමසාරිස්වරයාගේ යාවත්කාලීන කිරීම් සහ ඉදිරිපත් කරන ලද අනෙකුත් වාර්තාවලට ප්‍රතිචාර දැක්වීමට ඒ ඒ රටවලට අවස්ථාව ලැබේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සැසිවාරය සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි සහ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ප්‍රමුඛ නියෝජිත කණ්ඩායමක් සහභාගි වී සිටිති.

Related posts

“ජනපති – අගමැති සමගියි.. මහබැංකු අධිපති නිර්දේශ කරන්නේ මමයි” – මුදල් ඇමති

colombotoday

අගමැතිට එරෙහිව ආය විශ්වාසභංග ගෙන්නෑ – හිටපු ඇමති රාජිත

colombotoday

සිරගත රණවිරුවන්ට නිදහස, සහනාධාර වෙනුවට පොහොර නොමිළේ – ජන සන්නිපාතය මැද ගෝඨාගෙන් සහතිකයක්

colombotoday

ලංකාවේ විදිහට ඉන්න බැරිනම් යන්න – දුමින්ද

colombotoday

මත්පෙති 700 ක් සමග අයෙක් යටදොළදී පොලිස් භාරයට.

colombotoday

“එතෙක් මෙතෙක් ආ වැඩිම සෙනග ශ්‍රීලනිප සමුළුවටයි.. ලක්ෂ පහක් ආවා” – එස් බී

colombotoday