Colombo Today Sports News

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් එංගලන්ත තරගය අද

ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත් ක්‍රීඩකයන් තරග වදින ‘රෝඩ් සේෆ්ටි’ ලෝක කුසලාන ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහභාගී වන දෙවැනි තරගය අද (13)දින එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ ප්‍රථම තරගයේදී ඕස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් කණ්ඩායම සමගින් තරග වැදුණු අතර එහිදී ලකුණු 38ක ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 218ක් රැස් කරගත් අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් තිලකරත්න ඩිල්ෂාන් පන්දු 56කදී ලකුණු 107ක් රැස් කළහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු ඉනිමේ සියලුම කඩුලු ලකුණු 180කට දැවී ගියේය.

Related posts

ජැෆ්නා කිංග්ස් ඉවතට තල්ලු කරමින් ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් තරගයට

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නව පුහුණුකරුවන් 14ක්.

colombotoday

කොල්කටා නයිට් රයිඩර්ස් IPL අවසන් තරඟයට

colombotoday

LPL – පළමු තරගයේ ජය ඉසුරු උදාන කොළඹට ගෙනෙයි

colombotoday

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිට දසුන් නායකත්වයෙන් ඉවතට?

Admin

T10 ලීගයේ දූෂණ චෝදනා මත නුවන් සොයිසාට සහ අවිෂ්ක ගුණවර්ධනට ක්‍රිකට් තහනමක්.

colombotoday