Colombo Today Local News

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ පියාණන් කලුරිය කරයි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පියාණන් වූ ලංකා ගමනා ගමන මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වු ක්‍රීසි සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

දිවංගත සුමනා සිල්වා මහත්මියගේ ස්වාමිපුරුෂයා මෙන්ම වත්මන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, වර්ධන බැංකුවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ලක්‍ෂ්මන් සිල්වා මහතා, ගුවන් හමුදාවේ එයාර් වයිස් මාර්ෂල් අජන්ත සිල්වා (විශ්‍රාමික) සහ බැංකු කළමණාකාරිනී නෙරංජනී සිල්වා මහත්මිය ගේ ආදරණීය පියාණන් වන ඒ මහතා අභාවප්‍රාප්ත වනවිට අනුදෙවැනි වියේ පසු වුණා.

දිවංගත ක්‍රීසි සිල්වා මහතා වර්ෂ 1989 සිට 1993 දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති වූ අතර හෙතෙම ඊට ප්‍රථම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රාදේශීය සභාපතිවරයෙකු වශයෙන් ද සේවය කර තිබේ.

දේහය මාතලේ එම්. සී. පාර, රාහුල මාවතේ අංක 10 දරණ ලිපිනයෙහි තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (15) දින පස්වරු 4.30 ට මාතලේ පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

Related posts

මේ ආණ්ඩුව හැදුවේ එජාප යයි.. ශ්‍රීලනිප ය පසුව ඇවිත් එල්ලුනා – මරික්කාර්

colombotoday

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු අනුගමනය කළ යුුතු නව මාර්ගෝපදේශ මෙන්න.

colombotoday

මිය ගිය දෙමළ ජනතාව වෙනුවෙන් යාපනයේ සරසවි සිසුන් කලු ජූලිය සමරයි

colombotoday

විදෙස් රටවල් කිහිපයක පැතිරයන කොවිඩ් වෛරස් ප්‍රභේදයක දිගුවක් ශ්‍රී ලංකාව තුළින් ද හඳුනාගනී.

colombotoday

වරෙන්තුව ආපසු කැඳවන්න ඉල්ලා රාජිත දැමු මෝසම ඉවත් කර ගනී.

colombotoday

ඇමතිවරයා ගොනාට අන්දවා ගිනි ගානට විදුලිය මිලදී ගැනීමේ සූදානමක්

colombotoday