Colombo Today Local News

මැයි 09වන දා නිවාස හානිවූ මන්ත්‍රින් 74න් වන්දි ඉල්ලා ඇත්තේ 30යි

පසුගිය මැයි 09 වැනිදා ඇති වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලදී ගිනි තබා විනාශ කළ නිවාස සඳහා හානි පූර්ණ වන්දි ලබා ගැනීමට අයැදුම්පත් සහ තක්සේරු වාර්තා ඉදිරිපත් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු තිස් දෙනකු පමණක් බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේ දී අනාවරණය විය.

මැයි නව වැනිදා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 74 දෙනකුගේ නිවාස ගිනි ගැනීම් හෝ පහරදීම් සිදුව තිබේ. එහෙත් මන්ත්‍රිවරු 44 දෙනකු අයැදුම්පත් ඉදිරිපත් කර නැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලයේදී නීතිඥවරුන් විසින් හානිපූර්ණය පිළිබඳ තක්සේරු වාර්තා සකස් කරති. නිවාස ගිනි ගැනීමට ලක් වූ මන්ත්‍රිවරු සිය තක්සේරු වාර්තා සමග අයැදුම්පත් සිකුරාදා (09 වැනිදා) දිනට පෙර ලබා දිය යුතු බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේ දී තීන්දු කෙරුණි.

සියලු මන්ත්‍රිවරුන්ගේ තක්සේරු වාර්තා ලබා ගැනීමෙන් පසු ඒවා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටා ඇති හානි පූර්ණ කාර්යාලය වෙත යොමු කෙරේ. එම කාර්යාලය සිදු කරන අධ්‍යනයකින් පසු සකස් කරන අවසන් වාර්තාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු හානි පූර්ණ වන්දි ලබා ගැනීමට මන්ත්‍රිවරුන්ට හැකියාව ඇත.

Related posts

සුළි සුළං අවධානමක් ! රට පුරා අදත් වැසි

colombotoday

නැති වුණු යතුරු පැදියක් එක්ක පොලිස් කොස්තාපල්වරයෙක් මාට්ටු

colombotoday

“මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත් වූවා නොව ඝාතනය කළා” – උඩුවේ ධම්මාලෝක හිමි

colombotoday

සැහැල්ලු ඩ්‍රෝන යානා 15ක් සොරාගත් තිදෙනෙක් මාට්ටු

Admin

ගුවන්තොටුපළට නොමිලේ නව බස් රථ සේවයක්

colombotoday

යාපනය ඩෙල්ෆ් දූපත ආසන්නයේ ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් 9ක් අත්අඩංගුවේ

Admin