වැල්ලම්පිටිය, ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ 8 වන මහලෙන් ඊයේ (11) දහවල් කාලයේදී පුද්ගලයෙකු ඇද වැටී මිය ගොස් තිබේ.
මරණකරු වයස අවුරුදු 61ක් වන ලක්සඳ සෙවන මහල් නිවාස සංකීර්ණයේ ම පදිංචිකරුවෙකි.
මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේ ම ඇති අතර මහේස්ත්රාත් පරීක්ෂණය අද (12)දින සිදු කිරීමට නියමිත ය.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.