Colombo Today Local News

ATM වලදී කාඩ්පත සොරා ගෙන ලක්ෂ 50ක් ඇද්ද තරුණයෙක් අල්ලයි

ATM කුටි තුළ රැඳී සිටිමින් විවිධ පුද්ගලයන් මුලාකර ඔවුන්ගේ ATM කාඩ්පත උපක්‍රමශීලීව සොරා ගෙන රුපියල් ලක්ෂ පනහකට 50කට අධික මුදලක් වංචාකාරී ලෙස ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ විවිධ පුද්ගලයන්ට හිමි බැංකු 8කට අයත් කාඩ්පත් තිබී පොලිසිය බාරයට ගෙන ඇත.

සැකකරු කඩුවෙල රාජ්‍ය බැංකුවක් අසල රැදී සිටිමින් අවස්ථා 40 පමණ පුද්ගලයන් මුලාකර රුපියල් විසි ලක්ෂයකට ආසන්න මුදලක් වංචා වංචාකාරී ලෙස ලබාගෙන ඇති බව පොලිසිය කියයි.

සැකකරු ඒ අයුරින් මාලඹේ සහ බියගම ප්‍රදේශවල ද පෞද්ගලික සහ රාජ්‍ය බැංකු ATM කුටි තුළ රැඳී සිටිමින් මුදල් වංචා කළ බවට පැමිණිලි රැසක් එම පොලිසිවලට ලැබී ඇතැයි සිදු කළ දීර්ඝ විමර්ශනය වැනි දී අනාවරණය වී ඇත.

සැකකරු එම සෑම සොරකමක් ම සිදු කර ඇත්තේ ජංගම දුරකතනයෙන් ඇමැතුමක් ලබා ගන්නා ආකාරයෙන් ATM කුටිය තුල රැඳී සිටිමින් බව පොලිසිය කියයි.

Related posts

සජිත් වහා පක්ෂ නායකත්වයෙන් ඉවත් වියයුතුයි

Admin

සිරස ප්‍රධානි ආර්. රාජමහේන්ද්‍රන් මහතා ජීවන ගමනට සමු දෙයි.

colombotoday

දර්ගා නගරයේ තාරික්ට පහරදීමක් සිදුවී නෑ. සිදුව ඇත්තේ මෙල්ලකර ගැනීමක්. නිලධාරීන් තිදෙනාගේ වැඩ තහනම්.

colombotoday

ප්‍රසිද්ධ පාසලක කසිප්පු පෙරූ අයෙක් මාට්ටු

colombotoday

විධායක ජනපති සතු බලතල සිමා නොකළ යුතුයි – තොණ්ඩමන්

colombotoday

එජාප රැලියට 5000ක ජනතාවක් !

colombotoday