Colombo Today Local News

රථ වාහන දඩ මුදල් ගෙවන්න අලුත් ක්‍රමයක්

රථ වාහන දඩ මුදල් ගෙවීම සම්බන්ධයෙන් නව තාක්ෂණය සමග සම්බන්ධව නව ක්‍රමවේදයක් හදුන්වා දෙන බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය.

යම් රියැදුරෙකු විසින් සිදුකරන වැරදි සංඛ්‍යාව අනුව ඔහු රියදුරු බලපත්‍රය අහෝසි වීමේ ක්‍රමවේදයක් ද එමගින් හදුන්වා දෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

ඩ්‍රෝන කැමරා යොදා ගනිමින් කොළඹ නගරය ආශ්‍රිතව රථ වාහන තදබදය අවම කිරිමේ වැඩපිළීවෙල නිරික්ෂණය කිරිමේ අවස්ථාවට ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

“අපි දන්නවා දැන් බොහෝ වෙලාවට දඩ මුදල් ගෙවනකොට යම්කිසි ස්ථානයක යම්කිසි වැරද්දක් කළොත් දින දෙක තුනක් යනවා දඩ මුදල් ගෙවලා රියදුරු බලපත්‍රය ගන්න. ඒක නිසා තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් නැත්නම් වෙන ක්‍රමයකින් ඒ මොහොතේම විනාඩි පහක් හයක් යනකොට ඒ දඩ මුදල ගෙවල නැවත වරක් බලපත්‍රය ගන්න ක්‍රමයක් අපි සකස් කරනවා.”

Related posts

ආණ්ඩුවේ ප්‍රබලයන් 7 ක් අද අස්වෙති

colombotoday

හින්දු කෝවිල්වල බිලි පූජා තහනම්.. විශේෂ පනත කැබිනට් අනුමැතියට

colombotoday

නව කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම අද

colombotoday

ආයතන ගැසට් කරයි වැඩිම ජනාධිපතිට

Admin

මැතිවරණයට මුදල් ඉල්ලූ ලිපිය මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියට යොමු කරයි

Admin

යාපනය නගරයේ සියළු සුරාසැල් වසා දැමේ.. දුම්වැටි අළෙවියත් තහනම් – දිසාපති නියෝග කරයි

colombotoday