Colombo Today Local News

ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තු ලබා සිටි තරුණියක් කටුනායකදී අල්ලයි

ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තු ලබා සිටි බ්‍රසීල ජාතික තරුණියක ශ්‍රී ලංකාවට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී අද (09) අලුයම කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය කැරොලයින් අරවුයෝ ද සිල්වා නමැති ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජවාරමේ නිරත බ්‍රසීල ජාතික 23 හැවිරිදි තරුණියකි.

ඉන් අනතුරුව ඇයව බ්‍රසීලය වෙත පිටුවහල් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ.

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත මෙම වරෙන්තුකාරිය බ්‍රසීල රජය මගින් අත්අඩංගුවට ගැනීමට සිටියදී ඇය තායිලන්තය වෙත පැන ගොස් තිබේ.
ඇය තායිලන්තයේ සැඟවී සිට ඇති අතර වීසා කාලය නිමාවීම හේතුවෙන් මෙලෙස ශ්‍රී ලංකාව වෙත පැමිණ ඇත.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පොලීසිය සමග සම්බන්ධතා පවත්වන බව නොදැන ඇය එලෙස ශ්‍රී ලංකාවට ඇතුළුවීම සඳහා උත්සාහ ගෙන තිබූ බව අනාවරණය වී ඇත.

Related posts

නිදහසේ අවුරුදු කන්න නිදහස් රටක් තනා දී පෝරකය අභියස අද ඔහු සිරබත් කන්නේය !

colombotoday

මෙරට ඩෙල්ටා ආසාදිතයින් 38 දක්වා ඉහළට | සැක සහිත සම්පල් 70ක් ජපුරට

colombotoday

ප්‍රදේශ කිහිපයකට ඇදිරිනීතිය !

colombotoday

ජනාධිපති, අගමැති ඇතුළු රජය දුරදිග බලා කටයුතු සැලසුම් කළා. විපක්ෂයේ අරමුණ රට විනාශ කිරීමයි. – ජී. එල්. පීරිස්

colombotoday

රු. 5000ක ණය මුදලට මිනිමරයි

colombotoday

වස්කඩුවේ ලී මෝලක ගින්නක්

colombotoday