Colombo Today Local News

පොඩි ලැසීට නීතීඥවරුන් පෞද්ගලිකව හමුවීමට ඉඩ සලසා දෙන්නැයි නියෝග

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින පාතාල කල්ලි නායකයෙකු බව කියන ජනිත් මධුශංක හෙවත් පොඩි ලැසී නමැත්තා හමුවී උපදෙස් ලබා ගැනීම සඳහා ඔහුගේ නීතිඥවරුන්ට අවස්ථාව සලසා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂකවරයාට අද (09)දින නියම කළේය.

පොඩි ලැසී නැමැත්තාට තම නීතීඥවරයා පෞද්ගලික හමුවීමට ඉඩ නොදීම පිලිබද අද (09)දින මෝසමක් මාර්ගයෙන් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කළේය.

එම මෝසම මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පොඩි ලැසී වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හර්ෂික සමරනායක මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවා දායකයා හමුවීම සඳහා ඉකුත් 03 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය ද එහි පොලිස් අධිකාරී මෙරිල් ළමාහේවා මහතා විසින් නීතිඥවරුන්ට ඔහු හමුවීමට අවස්ථාව නුදුන් බවය.

එම කරුණ සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, සැකකරුවන්ගේ හා නීතිඥවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි අදාළ නීතිඥවරුන්ට එම සැකකරු හමුවීමට අවස්ථාව සලසා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.

අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන 16 වැනිදා කැඳවීමට ද නියම වුණි.

Related posts

සම්පත් මුණසිංහ නොහොත් සැබෑ නේවි සම්පත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

colombotoday

කෝප් සභාපතිට මැතිසබේ විරෝධයක්… – විපක්ෂ නායක විමර්ශනයක් ඉල්ලයි

Admin

මෙරටට පැමිණෙන සංචාරකයින්ට ඉන්ධන බලපත්‍රයක්

colombotoday

ජනපතිට – අගමැතිට උසාවියේ පෙනී සිටින්නැයි සිතාසි

colombotoday

මන්නාරම සමූහ මිනිවලේ කැනීම් දිගටම සිදු කිරීමේ අර්ථයක් නෑ. අධිකරණ නියෝගයෙන් පස්වලින් වසා දමයි

colombotoday

ජනාධිපතිවරණයට අපේක්ෂකයන් වියදම් කල මුදල් මෙන්න

Admin