Colombo Today Local News

ශ්‍රී ලංකාවේ දස දෙනෙකුගෙන් තිදෙනෙක් ආහාර අනාරක්ෂිතභාවයෙන් – UN

ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 10 දෙනෙකුගෙන් 3 දෙනෙකු ආහාර අනාරක්ෂිතභාවයෙන් පසුවන බව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙන්නේ, මෙම ආර්ථික අර්බුදය හේතුවෙන් ගැබිණි මව්වරුන් හා කිරි දෙන මව්වරුන් දැඩි පීඩාවට පත්ව සිටින බවයි.

අවුරුදු 05 ට අඩු දරුවන් මෙන්ම දියවැඩියාව වැනි බෝ නොවන රෝගවලින් පීඩා විඳින්නන් ද ආර්ථික අර්බුදය හමුවේ දැඩි බලපෑමකට ලක්වන බව එම නිවේදනයේ සඳහන් ය.

ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ වෙනත් මධ්‍ය ආදායම් ලබන රටවලට සාපේක්ෂව ලංකාවේ අවුරුදු 05 ට අඩු දරුවන්ගේ මන්දපෝෂණ මට්ටම ඉහළ අගයක් ගන්නා බවයි.

එම වයස් ඛාණ්ඩයේ දරුවන්ගෙන් 17 % ක් වයසට සරිලන වැඩීමක් නොමැති දරුවන් වන අතර තවත් 15% ක් කෘෂ දරුවන් ය.

එම නිවේදනයේ දැක්වෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධාන දත්ත අනුව එය ඉතා බැරෑරුම් තත්ත්වයක් බවයි.

මිලියන 1.5 කට ආසන්න පිරිසකට හදිසි ආහාර ආධාර අවශ්‍යව ඇතැයි ද ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ නවතම නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ, රටේ ජනගහනයෙන් මිලියන 6.3 කට ආසන්න ජනතාවක් ආහාර අනාරක්ෂිතාව සහ ආධාර අපේක්ෂාවෙන් සිටින බවයි.

Related posts

“සිරිසේන-වික්‍රමසිංහ හවුලට අපි කියනවා, පීචන් නොවී වේදිකාවෙන් බැහැලා යන්න” – විමල් වීරවංශ

colombotoday

IOC තවත් බාල ඉන්ධන තොගයක් ගෙන්වයි.. පළමු පරීක්ෂණයෙන් අසමත්

colombotoday

“සඟරුවනට නීති දාන්න රජයට බලයක්‌ නෑ.. මේ පනත භික්‍ෂු සමාජයට ඉතා අහිතකරයි !”

colombotoday

පොහොට්ටු රැස්වීමේදී නිමල් සිරිපාලට හූ කියයි

colombotoday

ශ්‍රී ලාංකිකයන්ට ඇමරිකාවේ නිදහස් වීසා : විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක් !

colombotoday

අද එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday