Colombo Today Local News

තරුණියන්ට අතවර කළ මාතලේ ලෙබ්බේ අතේ මාට්ටු වුණ හැටි (වීඩියෝ සහිතයි)

කලක පටන් මාතලේ ප්‍රදේශයේ තරුණියන් ගණනාවකට ලිංගික අතවර කළ ලෙබ්බේ කෙනෙකු (ලෙබ්බේ යනු කුරාණය පිළිබදව හසල දැනුමක් ඇති ඉස්ලාම් ආගම අන්‍යයන් කියා දෙන්නෙකි)පිළිබදව එලෙස අතවරයට ලක්වූ කාන්තාවක් නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනට අනාවරණය කර තිබෙනවා. එම අනාවරණය කරන මුස්ලිම් කාන්තාව ලාබාල වයසේදී මෙම කාමාතුරයා අතින් අතවරයට ලක්ව ඇති අතර ඇය පවසන්නේ තමන් වෙනත් ආගමක තරුණයකු සමග ප්‍රේම සම්බන්ධයක් පැවැත්වූ නිසා ඊට දඩුවමක් ලෙස තම පවුලේ අය විසින් මෙම කාමාතුර ලෙබ්බේ ලවා තමන්ට ලිංගික අතවර කිරීමට සලස්වා ඇති බවයි.

මෙම ලෙබ්බේ මාතලේ උකුවෙල නගරයේ පවත්වාගෙන යන ව්‍යාපාරික ස්ථානයේදී අල්ලා ගැනීමට හැකි වී ඇති අතර පෙර කී කාන්තාවට තමන් අතින් එම අතවරය සිදුවූයේ එම කාන්තාවගේ වයසේ වැරැද්ද නිසා යැයි අපූරු උත්තරයක් දී තිබෙනවා. කෙසේ නමුදු මොහු විසින් තවත් තරුණියන් ගණනාවකට අතවර කර තිබෙන බව ඔහු විසින්ම පාපොච්චාරණය කර තිබෙනවා.

බැලුම්ගල වැඩසටහන සහ රහසිගත වීඩියෝව පහතින්.

Related posts

රජයේ දේපළ වලට හානි කිරීමේ චෝදනා යටතේ ජඹුරේවෙල චන්ද්‍රරතන හිමි අත්අඩන්ගුවට

colombotoday

මහින්දට සභාපතිකම දෙනතුරු ශ්‍රීලනිපයෙන් නාමයෝජනා එපා! හිටපු පුංචි මන්ත්‍රීන් 1400ක් දැඩි තීරණයක

colombotoday

මාස හතරක් සිංගප්පූරුවේ සමාගමකින් තෙල් ගන්න කොන්ත්‍රාත්තුවට කැබිනට් අනුමැතිය

Admin

නතාශා – බෲනෝ 21තෙක් යළි රිමාන්ඩ්

Admin

වරාය රවීට.. මුදල් අගමැතිට.. ඇමති මාරුව මාර්තුවේ !!

colombotoday

ලබන වසර මුල වනවිට රටේ ප්‍රශ්න විසදෙන බවට මහින්දානන්ද කියයි

colombotoday