Colombo Today Local News

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැරිස්ටර් ට මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදෙයි

කිසියම් පිරිසක් විසින් තමන්ව පැහැරගෙන ගොස් ලිංගික හිරිහැර කළ බවට අසත්‍ය පැමිණිල්ලක් සිදුකළේ යැයි චෝදනා එල්ල වී සිටින කොළඹ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තියට අද (09)දින කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදෙනු ලැබීය.

එම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තිය අධිකරණය හමුවේ පෙනී සිටියාය.

ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර විත්තිකාරියට භාරදීම සිදු කෙරුණි.

අනතුරුව විත්තිකාරිය පෙර ඇප මත මුදා හැරීමටත් අධිකරණය නියම කළේය.

අනතුරුව නඩුව ජුනි මස 4 වනදා කැඳවීමට ද නියම කෙරුණු අතර එදින විත්තිකාරිය අධිචෝදනා පත්‍ර කියවා දී නඩු විභාගය සඳහා දින නියම කිරීමට නියමිතය.

2019 වසරේ නොවැම්බර් මස 25 වනදා කොළඹ කුරුදුවත්ත ප්‍රදේශයේදී පුද්ගලයින් පස් දෙනෙකු විසින් තමන්ව පැහැරගෙන ගොස් ගිනිඅවි පෙන්වා තර්ජනය කර පැය කිහිපයක් රඳවා තබා රටින් පළා ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා සම්බන්ධයෙන් ප්‍රශ්න කළ බවත් එම පුද්ගලයින් තමන්ට ලිංගික හිරිහැර කළ බවටත් ඇය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අසත්‍ය පැමිණිල්ලක් සිදුකළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් විත්තිකාරියට එරෙහිව එම නඩුව ගොනුකර තිබුණි.

Related posts

ලක්හඩ කඩා වැටේ – නිවුටන් හඩා වැටේ

colombotoday

ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකුට වහාම ධුරවලින් ඉල්ලා අස්වෙන්නැයි ජනපති දන්වයි…

colombotoday

පොරොවකින් පහර දී කන්තාවක් ඝාතනය කරයි

Admin

සුප්‍රසිද්ධ හිමිවරුන්ගේ නම් විකුණා අසේල සම්පත් PICK Me ආයතනයෙන් ලක්ෂ දහයක කප්පමක් ඉල්ලයි.

colombotoday

සභාපති පුටුවටකට පොහොට්ටුවේ දෙපිරිසක් ගුටි කෙළියක. තිදෙනෙක් රෝහලේ

colombotoday

ජනාධිපතිවරණය දිනන හැටි ගැන චම්පිකගෙන් ගණිතමය විග්‍රහයක්

colombotoday