Colombo Today Local News

කැස්බෑ බිත්තර 90ක් වෙරළින් ගොඩ ගත් සැකකරුවන් 9දෙනෙකු අත්අඩංගුවේ

මොරටුව එගොඩඋයන පොලිස් වසමේ සිදුකළ පැය පහක මෙහෙයුමකින් කිසිවකු විසින් ගොඩදමා තිබූ කැස්බෑ බිත්තර 90ක්, වරෙන්තුකරුවන් තුන්දෙනෙක් සහ හෙරොයින් ගංජා පානය කරන්නන් 6දෙනෙකු ඇතුලුව සියලු සැකකරුවන් 9දෙනෙකු අත්අඩංගුවට ගත් බව එගොඩඋයන පොලිසිය කියයි.

ප්‍රදේශය පුරා සිදු කෙරෙන අපරාධ මර්දනය කිරීමේ අරමුණින් විශේෂ පොලිස් මෙහෙයුමක් ලෙස මෙම මෙහෙයුම සිදුකල බව පොලිසිය කියයි.

වෙරළ තීරයේ කැස්බෑ බිත්තර ගොඩ දමා ඇතැයි ලැබුණු තොරතුරකට අනුව සිදු කළ සොයා බැලීමේදී කැස්බෑ බිත්තර හමුවූ බවත් සැකකරුවන් සිට නැත. පොලිසිය විසින් අත්අඩංගුවට ගත් කැස්බෑ බිත්තර වනජීවි නිලධාරීන් වෙත ලබාදීමට නියමිතය.

මෙම සැකකරැවන් නවදෙනා මොරටුව එගොඩඋයන පොලිස් බල ප්‍රදේශයේම පදිංචිකරුවන් බව සඳහන් කරන පොලිසිය මොවුන් අද දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පවසයි.

Related posts

ලංගම බස් ධාවනය පළාත් තුල පමණයි. | අන්තර් පළාත් ගමන් වාර අත්හිටවයි.

colombotoday

කලුතර නගරාධිපති අමීර් නසීම් අත්අඩංගුවට

colombotoday

කොච්චිකඩේ පල්ලිය අසලින් තවත් බෝම්බයක් හමුවෙයි…

colombotoday

ගෝඨා ඇතුළු යුද විරුවන් තොගයක් හෙට අලුත්කඩේ අධිකරණයට !

colombotoday

සමුගන්න පෙර හනා ජනපති හමුවෙයි

Admin

දූෂිත පොලිස් ඕඅයිසීගේ වැඩ තහනම්

colombotoday