World

සෞදි අරාබිය පනවා තිබූ ජාත්‍යන්තර ගුවන් ගමන් තහනම ඉවතට

සෞදි අරාබිය විසින් පනවා තිබූ ජාත්‍යන්තර ගුවන් ගමන් තහනම ඉවත් කිරීමට තීරණය කර තිබේ.

ලබන මාර්තු මස 31 වනදා සිට එම තහනම ඉවත් කිරීමට පියවරගන්නා බව එරට රජය පවසයි.

ඒ අනුව, සිය පුරවැසියන්ට විදෙස්ගත වීමට සහ වෙනත් රටවල සිට පැමිණෙන පුද්ගලයින් සඳහා සෞදි අරාබිය වෙත පැමිණීමේ අවස්ථාව හිමිවේ.

කෙසේවෙතත් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ කොවිඩ් නයින්ටීන් වෛරසයේ නව ප්‍රභේදයේ ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් එරට සිට පැමිණෙන පුද්ගලයින් සඳහා සීමාවන් පැනවීමට පියවර ගෙන තිබේ.

එම සීමාවන් ලබන මාර්තු මස 31 වනදා සිට ක්‍රියාත්මක වන අතර ඊට යටත්ව බ්‍රිතාන්‍යයේ සිට සෞදි අරාබියේ වෙත පුද්ගලයින්ට පැමිණීමේ හැකියාව පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Related posts

Google අන්තර්ජාල සැපයුම බිඳ වැටෙයි

colombotoday

පැය 24 තුල ආර්ජන්ටිනාවේ නව රෝගීන් 117ක්

colombotoday

යුක්‍රේනයේ මිසයිල ආරක්ෂාව වැඩි කිරීමට නේටෝ ප්‍රමුඛ මිත්‍ර පාක්ෂිකයින් සැරසේ..

colombotoday

රාහුල් ගාන්ධිගේ ලොක් සභා මන්ත්‍රී ධුරය අහෝසි

Admin

ආධාර ලබා ගන්න විදෙස් සබඳතා ඇති ඊජිප්තු ජනපතිට තවත් ජනවරමක්

Admin

දෙවැනි එලිසබෙත් මහ රැජිණ අභාවප්‍රාප්ත වෙයි

colombotoday