Colombo Today Local News

මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ETI අධ්‍යක්ෂ මණ්ඩලය අධිකරණය හමුවට.

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI)ආයතනයේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කර තිබේ.‍

ඔවුන් අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

නීතිපතිවරයාගේ උපදෙස් මත ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (08)දින පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

මීට පෙර ද එම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ස්වර්ණමහල් ආයතනයේ සිදුවූ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරියේය.

Related posts

මානුෂීය මුහුණුවර ඇති සංවිධාන හරහා කොවිඩ් ආධාර ත්‍රස්ත සංවිධාන අතට! රුසියාව, ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි

colombotoday

කොළඹ වරායට අදානි පැමිණීම අතිශය වැදගත්

Admin

පළාත් පාලන ආයතන සභිකයින්ගේ ධුර කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

පොල්ගස්ඕවිට ඇලක නාඳුනන පිරිමි මළ සිරුරක්

colombotoday

ෆොන්සේකා ලංකාවේ යුද අපරාධ කළ බවට කියද්දී එසේ නොකළ බවට කරුණා අම්මාන් සාක්ෂි දෙන්න ඉදිරියට අවා

colombotoday

‘ෆොන්සේකා හමුදාපති කලේ මිනීමරු මානසිකත්වය නිසා‘ – ප්‍රසන්න රණතුංග

colombotoday