Colombo Today Local News

සාද දැමු තවත් 9ක් අත්අඩංගුවට | විදේශිකයින් තිදෙනෙකුත් ඒ අතර

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයක ඉහළ මහලේ පිහිනුම් තටාකයක් අසල සාදයක් පැවැත්වූ පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, කොල්ලුපිටිය පොලීසිය ඊයේ රත්‍රි සිදු කළ වැටලීමකින් මෙම පිරිස අත්ඩඅගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු සහ කාන්තාවන් 3 දෙනෙක් ද වෙති.

ඒ අතර විදේශීය ජාතික පිරිමි 2 පුද්ගලයින් දෙදෙනකු සහ විදේශීය ජාතික කාන්තාවක ද වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමියි.

Related posts

නන්දලාල් කට වහගන්න මාලිමාවෙන් අනතුරු ඇගවීමක්

Admin

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩි කරලා.

colombotoday

ආපන ශාලාවට ගිය සිසුන්ට කොසුමිටකින් පහර දුන් ගුරුවරයෙක්

Admin

නව ගාස්තු අය ක්‍රමයෙන් විදුලිබල මණ්ඩලයට බිලියන 108ක ආදායමක්..

Admin

රටම බලා සිටින තීන්දුව 5ට….

colombotoday

පාස්කු කොමිසන් වාර්තාව රහස් පොලිසියට

colombotoday